Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා යොවුන් පිල චීනය පරදවයි

ශ්‍රී ලංකා යොවුන් පිල චීනය පරදවයි

editorial - 2019 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු වයස 19 න් පහළ රග්බි තරගාවලියට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ලකුණු 39 - 14 ක් ලෙසින් චීනය පරාජය කරන ලදි.

තුලෙයිබ් හසන්ගේ නායකත්වය යටතේ තරග කරන ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම මෙම තරගයේදී ගෝල දිනුමකින්, උත්සාහක දිනුම් 4 කින් සහ දඬුවම් පහර 4 කින් ලකුණු ලබාගත්තේය. චීනය ගෝල දිනුම් දෙකක් සාර්ථක කරගත්තේය.

මනිල්කා රුබේරූ, සැමුවෙල් ඔග්බෙබෝර් (2), නිස්රාන් නිලාර්, තුලෙයිබ් හසන් සහ සුබෙයාර් ඩොරේ ශ්‍රී ලංකාවට උත්සාහක දිනුම් වාර්තා කළහ. මනිල්ක  දඩුවම්  පහර 3 ක් මෙන්ම පරිවර්තනයද සාර්ථක කරගත්තේය. සුබෙයාර් ඩොරේ තවත් දඩුවම් පහරක් සාර්ථක කරගත්තේය.

චීනය වෙනුවෙන් ලියාන් වැන්ග් සහ ෂෙන් යූ ඔවුන්ගේ උත්සාහක දිනුම් වාර්තා කළ අතර පරිවර්තන දෙකම කැන්ඞ් බෝ ෂු විසින් සාර්ථක කරගන්නා ලදි.

දෙසැම්බර් 14 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම පිලිපීනය හමුවීමට නියමිතය.

....


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිල චීනය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.