Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම හෙට තරග බිමට

ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම හෙට තරග බිමට

editorial - 2019 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු ක්‍රිඩා උළෙලට සහභාගී වී සිටින ක්‍රීඩකයන් 9 දෙනෙකුගෙන් සහ ක්‍රීඩිකාවන් 5 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රි ලංකා බොක්සිං කණ්ඩායම, නේපාලයේ කත්මණ්ඩු නුවරදී හෙට (5 වැනිදා) තරග බිමට පිවිසීමට නියමිතය.

යුද හමුදා ක්‍රීඩක එම්.පී.ජී. සංජීව නුවන් කිලෝ ග්‍රෑම් 49 බර පන්තිය යටතේ මෙම තරගාවලිය සදහා සහභාගි වන අතර ඔහු මේ වසර පුරා එම බර පංතියේ අපරාජිත ක්‍රීඩකයාය. ඉංගිරිය ගාමිණි මැදි විදුහලේ කේ.වී.එල්. ඉන්දික සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙම තරගාවලිය සදහා තේරිපත්ව ඇති නමුත් ඔහු මෑත අතීතයේ කිසිදු දේශීය තරගාවලියකදී ජය ලබා නොමැත.

ස්ටබ්ස් පලිහ තරගාවලියේදී දෙවරක් රන් පදක්කම් දිනා ඇති විසිතුන් හැවිරිදි නුවන් අමරවංශ, මෙවර සාග් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබාගත්තේ 2016 වසරේ පැවැති සාග් ක්‍රීඩා උලෙලේදී රිදී පදක්කම දිනාගත් යුධ හමුදා ක්‍රීඩක වීරක්කොඩි පරාජය කරමිනි.

ලේටන් සහ ක්ලිෆර්ඞ් කුසලාන ශූරතාවලදී ජයග්‍රහණ ලැබූ සෙව්වන්දි තල්ගස්පිටිය පරාජය කරමින් ගුවන් හමුදා ක්‍රීඩිකා සජීවනි කුරේ මෙවර සාග් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ගත්තාය. සජීවනි පස් වරක් බැන්ටම් බර පංතියේ ශූරතාව දිනූ ක්‍රීඩිකාවකි.

2012 වසරේ සිට ජාතික මට්ටමේ පුහුණුකරුවෙකු වන, වසර 25 පළපුරුද්දක් ඇති විද්‍යරතන විශ්ව විද්‍යාල විද්‍යාලයේ කීර්තිමත් පුහුණුකරුවකු වන අමිල අරවින්ද මහතා මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීමේ කාර්ය මණ්ඩලය මෙහෙයවනු ඇත.

ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ පුහුණුකරුවෙකු වන ඔහු ලෝක ශූරතා දෙකකට සහභාගී වී ඇති අතර පසුගිය වසරේ ගෝල්ඞ් කෝස්ට් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කම් 3 ක් දිනාගැනීමේදී ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය.

පළපුරුදු යුධ හමුදා ජාත්‍යන්තර බොක්සිං පුහුණුකරු සහ හිටපු සාග් ලෝකඩ පදක්කම් ලාභී සම්පත් ජයතිලක මහතාට අමතරව ඔහුට ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ පුහුණුකරුවන් වන චමිල අබේරත්න සහ රවීන්ද්‍ර වරකාපොල යන මහත්වරුද සහාය වනු ඇත.

අවසන් වරට 2016 වසරේ ඉන්දියාවේදී පැවති දකුණු ආසියානු ක්‍රිඩා උළෙලේ බොක්සිං ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එහිදී රිදී පදක්කම් පහක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගැනීමට සමත් වූහ.

පිරිමි කණ්ඩායම
එම්.පී.ජී. සංජීව නුවන් - ලයිට් ෆ්ලයි බර පන්තිය (කිලෝ ග්‍රෑම් 46-49)
කේ.වී.එල්. එරන්ද - ෆ්ලයි බර පන්තිය (කිලෝ ග්‍රෑම් 52)
යූ.එන්.කේ. අමරවංශ - බැන්ටම් බර පන්තිය (කිලෝ ග්‍රෑම් 56)
එන්.බී.ඒ.ජේ. විමුක්ති කුමාර - ලයිට් බර පන්තිය (කිලෝ ග්‍රෑම් 60)
පී.වී.ඩී.ඩී. සපරමාදු - ලයිට් වෙල්ටර් බර පන්තිය (කිලෝ ග්‍රෑම් 64)
එන්.එම්. හෙට්ටිආරච්චි - වෙල්ටර් බර පන්තිය (කිලෝ ග්‍රෑම් 69)
පී.ඩී.ඩී. මදුරංග - මිඞ්ල් බර පන්තිය (කිලෝ ග්‍රෑම් 64)
ඩබ්ලිව්.ඒ.ආර්. සඳකැලුම් - ලයිට් හෙවි බර පන්තිය (කිලෝ ග්‍රෑම් 81)
ඒ.ආර්.බී.ඊ. තිලකරත්න - සුපර් හෙවි බර පන්තිය (කිලෝ ග්‍රෑම් 91 ට වැඩි)

කාන්තා කණ්ඩායම
නදීකා පුෂ්පකුමාරි - ලයිට් ෆ්ලයි බර පන්තිය (කිලෝ ග්‍රෑම් 45-48)
ඒ.ඒ.කේ. නිල්මිණි - ෆ්ලයි බර පන්තිය (කිලෝ ග්‍රෑම් 48-51)
එම්.පී.පී.එස්. කුරේ - බැන්ටම් බර පන්තිය (කිලෝ ග්‍රෑම් 51-54)  
කේ.ඒ.ඩී. ධර්මතිලක - ෆෙදර් බර පන්තිය (කිලෝ ග්‍රෑම් 54-57)
කේ.ඒ.කේ. හංසිකා - ලයිට් බර පන්තිය (කිලෝ ග්‍රෑම් 57-60)

නිලධාරීන්
ඕබි්‍ර පීරිස් මහතා (කළමනාකරු), අමිල අරවින්ද මහතා (පුහුණුකරු), සම්පත් ජයතිලක මහතා (පුහුණුකරු), චමිල අබේරත්න මහතා (පුහුණුකරු) සහ රවින්ද්‍ර වරකාපළ මහතා (පුහුණුකරු)

-036


අදහස් (0)

ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම හෙට තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.