Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙරළ වොලිබෝල් ජාතික සංචිත අද සිට

වෙරළ වොලිබෝල් ජාතික සංචිත අද සිට

editorial - 2020 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික වෙරළ වොලිබෝල් සංචිත පුහුණුවීම් අද (16) සිට හෙයියන්තුඩුව තරුණ සේවා පුහුණු මධ්‍යස්ථාන වෙරළ වොලිබෝල් පිටියේදී ආරම්භ වේ.

මෙම වසරේ නොවැම්බර් 28 වැනිද‌ා සිට දෙසැම්බර් 5 වැනිද‌ා දක්වා  චීනයේදී පැවැත්වීමට නියමිත ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල සඳහා නිර්දේෂ කෙරෙන ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි වෙරළ වොලිබෝල්  කණ්ඩායම් මෙම පුහුණු සංචිත හමුවේ තෝරාගැනේ. හෙයියන්තුඩුවේදී පසුගිය ඉරිද‌ා (7) පැවැති තේරීම් තරගාවලියේදී ජාතික වෙරළ වොලිබෝල් කාන්තා හා පිරිමි සංචිත සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශකර තිබේ. ඒ සඳහා ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් 12 දෙනකු බැගින් සහභාගි වූ බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසයි.

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරගාවලිය ඉලක්ක කරමින් නිර්දේශකළ ජාතික පුහුණු සංචිත.

පිරිමි සංචිතය
වයි.එච්.එස්. මලින්ත යාපා  (ගුවන් හමුද‌ාව), කේ.ඒ.කේ ඉන්දික ටිරෝන් (යුද හමුද‌ාව), පී.කේ. ජයාන් සනුජ (යුද හමුද‌ාව), කේ.ජී. රොෂාන් සමන්ත (යුද හමුද‌ාව), ඩබ්.එල්. සුජීව චින්තක (ගුවන් හමුද‌ාව), අශේන් රශ්මික (ගුවන් හමුද‌ාව)

කාන්තා සංචිතය
ජේ.එච්. දිනේෂා ප්‍රසාදනි (ගුවන් හමුදාව), එම්.ජී. දීපිකා බණ්ඩාර (මාස් කැෂුවලයින්), ඒ. කසුනි තාරුකා ලක්ෂානි (නාවික හමුද‌ාව), චතුරිකා මධුෂානි වීරසිංහ (යුද හමුද‌ාව), ඩබ්. ෂෙහානි අසංගා (නාවික හමුද‌ාව), නිර්මානී සුලෝචනා ජයවර්ධන (මාස් කැෂුවලයින්)

පුහුණුකරුවන්
ජූඩ් මහේෂ් පෙරේරා - ප්‍රධාන පුහුණුකරු (පිරිමි), පුබුදු කුමාර ඒකනායක – ප්‍රධාන පුහුණුකරු (කාන්තා), අසංක ප්‍රදීප් කුමාර – සහාය පුහුණුකරු (පිරිමි), තක්ෂිලා නිරංජලී ගුණසිංහ – සහාය පුහුණුකරු (කාන්තා)

 

- 223


අදහස් (0)

වෙරළ වොලිබෝල් ජාතික සංචිත අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.