Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වරාය කණ්ඩායම ආසියානු තරගාවලියට යයි

වරාය කණ්ඩායම ආසියානු තරගාවලියට යයි

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වියට්නාමයේ ‘හැනෝයි’ නුවරදී හෙට (27) ආරම්භ වන ආසියානු අන්තර් සමාජ වොලිබෝල් (පිරිමි) තරගාවලියට සහභාගි වන ශ්‍රී  ලංකා වරාය අධිකාරිය කණ්ඩායම අද (25) දිවයිනෙන් පිටත්ව ගියේය.

ලබන ජුලි 5 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වෙන අතර සුපිරි ලීග් වොලිබෝල් (පිරිමි) ශූරතාව 2016 වසරේදීත් දිනා ගැනීමෙන් වරාය වොලිබෝල් කණ්ඩායම මෙම තරග සංචාරයට ශ්‍රී ලංකාවෙන් නිර්දේශ විය.

ජනිත් සුරත් නායකත්වය  දරන සංචාරක වරාය අධිකාරි වොලිබෝල් කණ්ඩායමට සමීර දිසානායක (උප නායක), උදය රුක්මාල්, ලසඳු මෙත්මල්, මහේෂ් රංග, චූලානන්ද අබේවර්ධන, රුමේෂ් දිසානායක, රුවන් චාමර, ගයාන් ලක්‍ෂණ, දර්ශන කුමාර, තිලංක සංජය හා සෙහාන්  විමුක්ති ද ඇතුළත් වෙති.

 කණ්ඩායමේ පුහුණුකරු ලෙස කාලික වසන්තප්‍රිය මහතාත් සහය පුහුණුකරු ලෙස සමින්ද්‍ර තිලකරත්න මහතාත් හා තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා විමල් අමරනාත් මහතාත් මෙම තරග සංචාරයට එක්ව සිටිති.  

වරාය හා නාවික කටයුතු ඇමති මහින්ද සමරසිංහ හා ශ්‍රී ලංකා  වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක යන මහත්වරුන්ගේ සහයෝගයෙන් මෙම තරග සංචාරය  සාර්ථක කරගත් බව සංචාරක වරාය වොලිබෝල් කණ්ඩායම ප්‍රකාශ කරයි

 


අදහස් (0)

වරාය කණ්ඩායම ආසියානු තරගාවලියට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.