Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රනිඳු - නෙත්මි ජාතික චෙස් ශූරතා දිනති

රනිඳු - නෙත්මි ජාතික චෙස් ශූරතා දිනති

ශානුක අරවින්ද - 2020 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සංවිධානයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති ජාතික චෙස් ශූරතාවලියේදී කොළඹ ආනන්ද විද්‍යාලයේ රනිඳු ලියනගේ ශූරතාව දිනාගත්තේය. මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ නෙත්මි ප්‍රනාන්දු කාන්තා ජාතික ශූරතාව දිනාගත්තාය.

තවමත් 16 හැවිරිදි රනිඳු මේ වසරේ (2020) ජාතික චෙස් ශූරයා ලෙස සම්මාන දිනාගත්තේ තමා සහභාගි වූ තරග තරග වට 13 න් ලකුණු 10½ ක් ලබාගනිමිනි. එහිදී ඔහු රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගය, ශූරතා කුසලාන සහ රන් පදක්කම දිනා ගත්තේය. නෙත්මි මෙවර ජාතික චෙස් ශූරිය බවට පත්වූයේ සහභාගි වූ තරග වට 13 න් ලකුණු 10 ක් ලබා ගනිමිනි. ඇයද වයස අවුරුදු 16 ක පාසල් ශිෂ්‍යයාවකි. ජයග්‍රහණය වෙනුවෙන් ඇය රුපියල් 60,000 ක මුදල් ත්‍යාගයක්, ශූරතා කුසලානයක් සහ රන් පදක්කමක් දිනා ගත්තාය.

කොළඹ රාජකීය විද්‍යාලයේ මිනුල් දොලුවීර තමා සහභාගි වූ තරග වට 13 දී ලකුණු 10 ක් ලබාගත් නමුත් රනිදු හමුවේ පරාජය වීම හේතුවෙන් ඔහුට රිදී පදක්කමෙන් සෑහීමට පත්වීමට සිදු විය. තවමත් 14 වැනි වියේ පසුවන කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසල් ද සිල්වා තරගාවලියේ ලෝකඩ පදක්කම් හිමිකර ගත්තේය.

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති හොල්ගර් සේබර්ට් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර විශාඛා විදුහලේ විදුහල්පතිනී සඳමාලි අවිරුප්පොල, ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය සහ උප සභාපති දීප්ති හේවාගීගන යන මහත්ම මහත්මීහුද එම අවස්ථාවට එක් වූහ.

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකාවේ සියලුම හිටපු ජාතික චෙස් ශූරයන්ට සහ ශූරියන්ට ආරාධනා කර තිබිණ. ඒ අනුව හර්ෂ අතුරුපාන, හරින්ලාල් අතුරුපාන සහ සුනීතා විජේසුරිය යන හිටපු ක්‍රීඩක ක්‍රීඩිකාවෝද ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වූහ.


අදහස් (0)

රනිඳු - නෙත්මි ජාතික චෙස් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.