Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රන් පදක්කම් 8 ක් සමග ශ්‍රී ලංකාව සිව්වැනි තැන

රන් පදක්කම් 8 ක් සමග ශ්‍රී ලංකාව සිව්වැනි තැන

editorial - 2019 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාල‍යේදී පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සිවුවැනි දිනය නිමාවන විට රන් පදක්කම් 8 ක්, රිදී පදක්කම් 23 ක් සහ ලෝකඩ පදක්කම් 38 ක් සමග පදක්කම් 69 ක් දිනා සිටින ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ සිවුවැනි ස්ථානේ පසුවේ.

රන් පදක්කම් 32 ක්, රිදී පදක්කම් 23 ක් සහ ලෝකඩ පදක්කම් 13 ක් සමග පදක්කම් 68 ක් දිනා සිටින ඉන්දියාව පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටින අතර සත්කාරක නේපාලය රන් පදක්කම් 29 ක්, රිදී පදක්කම් 15 ක් සහ ලෝකඩ පදක්කම් 25 ක් සමග පදක්කම් 69 ක් දිනා එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

මේ වන විට පදක්කම් සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන පාකිස්තානය රන් පදක්කම් 9 ක්, රිදී පදක්කම් 18 ක් සහ ලෝකඩ පදක්කම් 18 ක් සමග දිනා සිටින මුලු පදක්කම් සංඛයාව 45 කි. 

රට        රන්  රිදී  ලෝකඩ එකතුව
ඉන්දියාව 32 23 13 68
නේපාලය 29 15 25 69
පාකිස්තානය 9 18 18 45
ශ්‍රී ලංකාව 8 23 38 69
බංග්ලාදේශය 4 7 26 37
මාලදිවයින 1 0 2 3
භූතානය 0 0 4 4

 

-036


අදහස් (0)

රන් පදක්කම් 8 ක් සමග ශ්‍රී ලංකාව සිව්වැනි තැන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.