Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලින්ද ශ්‍රී ලංකා නායකත්වයට

මලින්ද ශ්‍රී ලංකා නායකත්වයට

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කුසලාන පිරිමි වොලිබෝල් ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ශමිල් මලින්ද නම් කර තිබේ. මෙම තරගාවලිය මේ මස 24 වැනිදා සිට අගෝස්තු මස 1 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ සුරබයා නුවරදී පැවැත්වීමට නියමිතය.

ක්‍රීඩකයන් 12 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ලංකා විදුලිබල මණ්ඩලයේ ක්‍රීඩකයන් 5 දෙනෙක්ද, වරාය අධිකාරියේ ක්‍රීඩකයන් සිවු දෙනෙක්ද, යුද හමුදා ක්‍රීඩකයන් තිදෙනෙක්ද ඇතුළත්ව සිටිති.

විදුලිබල මණ්ඩලයේ ගයාන් මධුෂංක ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය දරන අතර සී. සී. තිලකරත්න මහතා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි. නලින් සම්පත් සහ එම්. කේ. සුනිල් යන මහත්වරු සහායක පුහුණුකරුවන් ලෙස කණ්ඩායමට එක්ව සිටින අතර නිමල් පෙරේරා මහතා කණ්ඩායමේ කලමණාකරු ලෙස තරගාවලියට සහභාගි වෙයි.

මෙම තරගාවලියට රටවල් 14 ක් සහභාගි වන අතර ශ්‍රී ලංකාව ‘සී’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය. ‘සී’ කාණ්ඩයට අයත් සෙසු රටවල් වන්නේ වියට්නායමය, දකුණු කොරියාව සහ 2015 වසරේ ශූරයන් බවට පත් වූ ජපානයයි.


ශ්‍රී ලංකා කණ්ඩායම -
ශාමිල් මලින්ද (යුද හමුදාව) - නායාක, ගයාන් මධුෂංක (විදුලිබල මණ්ඩලය) - උපනායක, ජනිත් සුරත් (වරාය අධිකාරිය), රොමේෂ් රණවක (විදුලිබල මණ්ඩලය), චාමර මිහිරාන් (යුද හමුදාව), ලසිඳු මෙත්මාල් (වරාය අධිකාරිය), අයේෂ් දිල්හාන් (විදුලිබල මණ්ඩලය), වසන්ත ලක්මාල් (යුද හමුදාව), රුමේෂ් දිසානායක (වරාය අධිකාරිය), කසුන් චතුරංග (විදුලිබල මණ්ඩලය), නිලංක සංජය (වරාය අධිකාරිය) සහ ඒ. ඩබ්ලිව්. ලක්මාල් (විදුලිබල මණ්ඩලය)

 


අදහස් (0)

මලින්ද ශ්‍රී ලංකා නායකත්වයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.