Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පූජානි රිය අනතුරකින් දිවියෙන් සමුගනී

පූජානි රිය අනතුරකින් දිවියෙන් සමුගනී

යොහාන් භාසුර - 2020 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


ශ්‍රී ලංකා නැගීඑන කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවක් මෙන්ම සම්මාන ලාභී ක්‍රිකට් ලකුණු සටහන්කරන්නියක්  වන පූජානි ප්‍රසාදිකා ලියනගේ මෙනවිය හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූවාය. පූජානි පෙරේදා (15 වැනිදා) පස්වරුවේ කුරුණෑගල, කටුපොත ප්‍රදේශයේදී යතුරුපැදි අනතුරට ලක්වීමෙන් පසුව මෙළොව හැරගියාය.

ඇය ඒ වන සිය යතුරුපැදියෙන් අනුරාධපුරය බලා යමින් සිටි බව දැනගන්නට තිබේ.

අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකාරියක් වූ 33 හැවිරිදි පූජානි, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් ලකුණු සටහන්කරන්නියන් කීපදෙනා අතර ඉදිරියෙන්ම සිටියාය. ඇය ඒ හේතුවෙන් 2016 වසරේ ‘වසරේ දක්‍ෂතම’ ලකුණු සටහන්කරන්නිය ලෙස ද සම්මාන ලැබුවාය. පූජානි, 2016 වසරේ ශ්‍රී ලංකා සංවර්ධන කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ඕස්ටේ්‍රලියානු සහ එංගලන්ත ක්‍රිකට් පාසල් කණ්ඩායම්වලට එරෙහිව තුන්කොන් තරගාවලියට ක්‍රීඩා කළාය.

අනුරාධපුර, වලිසිංහ හරිශ්චන්ද්‍ර විදුහලේ ආදි ශිෂ්‍යාවක් වන පූජානි අනුරාධපුර ශක්ති ක්‍රීඩා සමාජයෙන් ක්‍රිකට් පිටියට පැමිණියාය. එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් 2001 වසරේ සිට 2006 වසර දක්වා ක්‍රීඩා කළ ඇය 2007 වසරේ කොළඹ ක්‍රිකට් සමාජයට (සී.සී.සී.) එක්වූවාය.
දකුණතින් පා දඟ පන්දු යවන්නියක් වන පූජානි 2009 වසරේ කෝල්ට්ස් ක්‍රිකට් සමාජ කණ්ඩායමට එක්වූ අතර ඇය 2017 වසරේ කෝල්ට්ස් කාන්තා ක්‍රිකට් පිලේ නායිකාව ලෙස ද කටයුතු කළාය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණුසටහන්කාරුවන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වන පූජානි 2010 වසරේ සිට ලකුණුසටහන්කරන්නියක ලෙස ද කටයුතු කළාය. ඇය වසර 10 කට ආසන්න කාලයක් මීගොඩ ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ආයතනයක සේවය කළාය.  

පූජානිගේ දේහය අනුරාධපුර, මහපාලාදිකුලම්හි, අංක 54 ස්ථානයේ ඇයගේ නිවසේ තැන්පත් කර තිබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු මහපලාදිකුලම් සුසාන භූමියේදී හෙට (18 වැනිදා) පස්වරු 4.00 ට සිදුකිරීමට නියමිතය.

 


අදහස් (1)

පූජානි රිය අනතුරකින් දිවියෙන් සමුගනී
  • Siva Thursday, 18 June 2020 03:16 PM

    කණගාටුදායකයි. නිවන් සුව පතනවා...! ඉන්දියාවේ නළුවන්ට නිවන් සුව පතන අය මේ පුවත දැකලා නැතුව ඇති. ඒ වගේම ලංකාවේ ක්‍රිකට්වල කාන්තාවන්ට ඇති තැන මොන වගේද කියලත් පේනවා.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.