Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් ක්‍රිකට් සංගමයේ මුල් පුටුව තිලක්ට

පාසල් ක්‍රිකට් සංගමයේ මුල් පුටුව තිලක්ට

ශානුක අරවින්ද - 2020 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අධ්‍යාපන අමාත්‍යංශයේදී ඉකුත්දා පැවැති ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ 71 වැනි මහ සභා රැස්වීමේදී එම සංගමයේ නව සභාපතිවරයා ලෙස කොළඹ නාලන්දා විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා තේරී පත් විය.

හිටපු උප සභාපතිවරයකු වන තිලක් මහතා සභාපති ධූරය සඳහා තේරී පත් වූයේ වැඩි ඡන්ද 108 කින් අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහලේ විදුහල්පති ජගත් සේනාරත්න මහතා පරාජය කරමිනි. එහිදී තිලක් මහතාට ඡන්ද 166 ක්ද, ජගත් මහතාට ඡන්ද 58 ක්ද හිමිවිය. ජගත් මහතා ද සංගමයේ හිටපු උප සභාපතිවරයෙකි.

හිටපු ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා (ඡන්ද 70) පරාජය කරමින් සංගමයේ නව ලේකම්වරයා ලෙස තේරී පත්වීමට වයස 19 න් පහළ තරගාවලි ලේකම්වරයකු ලෙස කටයුතු කළ කෑගලු විදුහලේ ජේ.ඒ.කේ.එස්. ඉන්ද්‍රජිත් මහතා (ඡන්ද 135) සමත් විය.

කොළඹ අශෝක විදුහලේ ජාලිය ජයන්ත මහතා ඡන්ද 38 ක් ලබාගනිමින් එහි තෙවැනි ස්ථානයට පත් විය.

කොළඹ ලුම්බිණී විදුහලේ ඩී.එම්. රාජරත්න මහතා (ඡන්ද 40) සහ මහරගම ජනාධිපති විදුහලේ වසන්ත කාරියවසම් මහතා (ඡන්ද 28) පරාජය කරමින් මීගමුව ශාන්ත පීතර විදුහලේ මංජුල වාස් මහතා (ඡන්ද 144) සංගමයේ නව භාණ්ඩාගාරිකවරයා ලෙස පත් විය.

සහකාර ලේකම් ධූරය සඳහා ඡන්ද වමිසීමක් නොපැවැත්වුණ අතර ඒ සඳහා හම්බන්තොට සූදි ජාතික පාසලේ ලලීන්ද්‍ර කුමාරසිරි මහතා නිතරගයෙන්ම පත් විය. බලංගොඩ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විදුහලේ ප්‍රදීප් කුමාර මහතා ඡන්ද 93 ක් ලබාගනිමින් උප භාණ්ඩාගාරික ධූරය සඳහා පත්වූ අතර ඔහු හමුවේ පරාජය වූ කොළඹ නාලන්දා විදුහලේ සමන් හෙට්ටිආරච්චි මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 52 ක් පමණි.


නව නිලධාරී මණ්ඩලය

සභාපති - තිලත් වත්තුහේවා මහතා (විදුහල්පති - කොළඹ නාලන්දා විදුහල)
ජ්‍යෙෂ්ඨ උප සභාපති - ඔෂාර පණ්ඩිතරන්ත මහතා (අධ්‍යාපන අමාත්‍යංශය)
උප සභාපතිවරු - හේමා ජයවර්ධන මහත්මිය (විදුහල්පතිණි - ගම්පහ රත්නාවලි බාලිකා විදුහල), සුසන්ත මෙන්ඩිස් මහතා (විදුහල්පති - ගල්කිස්ස විද්‍යා විදුහල), ගාමිණී ජයවර්ධන මහතා (විදුහල්පති - ගාල්ල මහින්ද විදුහල), ජගත් සේනාරත්න මහතා (විදුහල්පති - අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල), නදිත් ජයවීර මහතා (විදුහල්පති - ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහල)
ලේකම් - ජේ.ඒ.කේ.එස්. ඉන්ද්‍රජිත් මහතා (කෑගලු විදුහල)
භාණ්ඩාගාරික - මංජුල වාස් මහතා (මීගමුව ශාන්ත පීතර විදුහල)
උප ලේකම් - ලලීන්ද්‍ර කුමාරසිරි මහතා (හම්බන්තොට සූචි ජාතික පාසල)
උප භාණ්ඩාගාරික - ප්‍රදීප් කුමාර මහතා (බලංගොඩ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විදුහල)  
තාක්ෂණික නිලධාරී - චමින්ද ද සිල්වා මහතා (හික්කඩුව ශ්‍රී සුමංග විදුහල)

 


අදහස් (0)

පාසල් ක්‍රිකට් සංගමයේ මුල් පුටුව තිලක්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.