Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාකිස්තානු යොවුන් පිලේ සංචාරය කල්යයි

පාකිස්තානු යොවුන් පිලේ සංචාරය කල්යයි

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානු වයස 19 න් පහළ ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ තරග සංචාරය කොළඹ සහ අවට ප්‍රදේශයේ සිදුවූ බෝම්බ පිපිරීමේ සිද්ධීන් හේතුවෙන් සතියකින් පමණ කල්දැමීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

පාකිස්තානු වයස 19 න් පහළ ක්‍රිකට් පිල මේ මස 30 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණි.

“පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අපිට කථා කළා. ඔවුන් අපෙන් විමසුවා අපේ රටේ තත්ත්වය පිළිබඳව. අපිට මේ දක්වා නිශ්චිත තත්ත්වයක් කියන්න බෑනේ. මම හිතනවා සතියකින් පමණ කල්දාන්න වෙයි කියලා” යැයි ඈෂ්ලි මහතා වැඩි දුරටත් පැවසීය.

මෙම තරග සංචාරයේ පළමු සිවුදින ක්‍රිකට් තරගය මැයි මස 3 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබූ අතර සංචාරය අවසන් කර පාකිස්තානු යොවුන් පිල මැයි මස 21 වැනිදා පිටත්ව යෑමට නියමිතව තිබුණි.    

 


අදහස් (0)

පාකිස්තානු යොවුන් පිලේ සංචාරය කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.