Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ත්‍රිත්ව විදුහල පළමු ඉනිමේ ජයක් ලබයි

ත්‍රිත්ව විදුහල පළමු ඉනිමේ ජයක් ලබයි

editorial - 2020 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ත්‍රිත්ව විදුහල සහ මාතර ශාන්ත තෝමස් විදුහල අතර මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් විය.

එහිදී ශාන්ත තෝමස් විදුහල වෙනුවෙන් හරින්ද ජයසේකර (60), වෝෂිත අත්සර (නොදැවී 51) සහ හිරන්ත ලක්ෂාන් (නොදැවී 50) ද, ත්‍රිත්ව විදුහල වෙනුවෙන් තෙවින් අමරසිංහ (නොදැවී 51) ද අර්ධ ශතක ලබාගත්හ.


ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - ඕවර 59.3 කදී සියලු දෙනා දැවී 181
(අග්බෝ අමරසිංහ 32, ෂේන් ගුණතිලක 25, තෙවින් අමරසිංහ 23, සිනෙත් සිතාර 53/5, සචිර රශ්මික 58/3)

ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 58.4 කදී සියලු දෙනා දැවී 139
(හරින්ද ජයසේකර 60, උමේර් රයිසාන් 13/4, උවිඳු විමලධර්ම 42/3, අභිෂේක් ආනන්දකුමාර් 36/2)

ත්‍රිත්ව විදුහල් දෙවැනි ඉනිම - ඕවර 42.2 කදී කඩුලු 8 ක් දැවී 146
(තෙවින් අමරසිංහ නොදැවී 51, ෂේන් ගුණතිලක 41, සිනෙත් සිතාර 58/3, සචිර රශ්මික 60/3)

ශාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 37 කදී කඩුලු 2 ක් දැවී 130
(වෝෂිත අත්සර නොදැවී 51, හිරන්ත ලක්ෂාන් නොදැවී 50, සංචිත රණසිංහ 24)

-036

 


අදහස් (0)

ත්‍රිත්ව විදුහල පළමු ඉනිමේ ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.