Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15,000 ක් පමණ සහභාගි වන ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අද (19 වැනිදා) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් 88 වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය මේ මස 21 වැනිදා දක්වා දින තුනක් පුරා ‘රිට්ස්බරි’ අනුග්‍රහයෙන් පැවැත්වේ.
අද ඇරඹෙන ජ්‍යෙෂ්ඨ තරගාවලියේදී වයස් කාණඩ තුනකින් (වයස 16 න් පහළ, 18 න් පහළ සහ 20 න් පහළ) තරග පැවැත්වේ.
මෙවර තරගාවලියේදී වයස 16 න් පහළ, සහ 18 න් පහළ වයස් කාණ්ඩයන්හි දක්‍ෂතම ක්‍රීඩකයන් 6 දෙනාට ජාතික තලය දක්වා සිය දස්කම් ඔප්නංවා ගැනීමට මූල්‍ය ආධාර සැපයීමටද ‘රිට්ස්බරි’ නිෂ්පාදකයක් වන සිලෝන් බිස්කට්ස් සමාගම ඉදිරිපත් වී සිටී.
වයස 12 න් පහළ, 13න් පහළ, 14 න් පහළ සහ 15 න් පහළ තරග ඉසව් සඳහා වන ජෝන් ටාබට් කනිෂ්ඨ තරගාවලිය ඔක්තෝබර් 17 වැනිදා සිට 19 වැනිදා දක්වා අනුරාධපුරයේදී පැවැත්වේ. කනිෂ්ඨ තරගාවලිය සඳහා ඉදිරිපත් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව විශාල වන බැවින් කනිෂ්ඨ තරගාවලිය අදියර තුනකින් පැවැත්වේ.
හංවැල්ල, බෝගම්බර සහ පොලොන්නරුව යන කලාපීය තරග වලින් සුදුසුකම් ලබාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පමණක් අනුරාධපුරයේදී පැවැත්වෙන කනිෂ්ඨ තරගාවලියේ අවසන් වටයට සහභාගි වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.