Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන 94 වැනි ජාතික බොක්සිං ශූරතාවලියේ අවසන් මහ තරග අද (24 වැනිදා) පස්වරු 2.30 සිට 4.30 දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මේ මස 21 වැනිදා ආරම්භ වූ මෙම තරගාවලිය දින 4 ක් පුරා පැවැත්විණ.
වයස අවුරුදු 18 ත් 40 ත් අතර පසුවන ආධුනික, අතරමැදි, ස්ටැබ්ස් පළිහ සහ ජාතික කණිෂ්ට බොක්සිං තරගාවලි වලදී ජයග්‍රහණ ලැබූ තරගකරුවන් පමණක් මෙම තරගාවලියට සහභාගිවන අතර ඊට ක්‍රීඩා සමාජ 21 නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 100 ක් සහ ක්‍රීඩිකාවෝ 45 ක් ඇතුළත්ව සිටිති.
පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙන්ම බර පංති 10 ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමේ. තවද දක්ෂතම ක්‍රීඩකයා, දක්ෂතම පරාජිතයා, දක්ෂතම ක්‍රීඩිකාව සහ දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව සඳහාද එහිදී කුසාලන පිරිනැමීමට නියමිතය.
මෙවර ජාතික බොක්සිං තරගාවලියේදී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙබරවාරි මාසයේදී පැවැත්වෙන හංගේරියා ජාත්‍යන්තර බොක්සිං තරගාවලියට සහ ප්‍රංශයේ පැවැත්වෙන මොන්ටානා බෙල්ට් තරගාවලියට මෙන්ම අප්‍රේල් මාසයේදී තායිලන්ත විවෘත බොක්සිං තරගාවලියට සහභාගි කරවීමටද ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සූදානමින් සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.