Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාන්තා මේසපන්දු කණ්ඩායම රිදී පදක්කමක් දිනයි

කාන්තා මේසපන්දු කණ්ඩායම රිදී පදක්කමක් දිනයි

editorial - 2019 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් මේසපන්දු ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා කාන්තා මේසපන්දු කණ්ඩායම සමත් විය. කණ්ඩායම් ඉසව්වේදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට ලෝකඩ පදක්කමකින් සෑහීමකට පත්වීමට සිදු විය.

කාන්තා අවසන් මහ තරගයේදී ඉන්දීය කණ්ඩායම හමුවේ 3-0 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ රන් පදක්කම් බලාපොරොත්තුව බිඳ වැටිණ. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තිදෙනාම තමන් සහභාගි වූ තරගවලදී වට 3-0 ක් ලෙස පරාජයට පත් වූහ.

පිරිමි අවසන් පූර්ව තරගයේදීද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වූයේ ඉන්දීය කණ්ඩායම හමුවේය. එහිදී ඉන්දීය ක්‍රීඩක හර්මීත් දේසායට එරෙහිව වට 2 ක් ජයගැනීමට චමීර ගිණිගේ සමත් වූ අතර උදය රණසිංහ සහ ක්‍රිෂාන් වික්‍රමරත්න තමන් සහභාගි වූ තරගවලදී එක් වටය බැගින් ජයගත්හ.

කාන්තා කණ්ඩායම් ඉසව්වේ අවසන් මහ තරගය
සුතීර්තා මුක්ඛර්ජී (ඉන්දියාව) විසින් වට 3-0 ක් ලෙස ඉෂාරා මධුරංගි (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/9, 11/7, 11/3)
ක්‍රිත්විකා සිංහා (ඉන්දියාව) විසින් වට 3-0 ක් ලෙස එරන්දි වරුසවිතාන (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/6, 11/4, 11/2)
අකුලා ස්‍රීජා (ඉන්දියාව) විසින් වට 3-0 ක් ලෙස හංසනී පියුමිලා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/5, 11/5, 11/3)

පිරිමි කණ්ඩායම් ඉසව්වේ අවසන් පූර්ව තරගය
සුනිල් ශෙට්ටි (ඉන්දියාව) විසින් වට 3-1 ක් ලෙස උදය රණසිංහ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/7, 11/7, 9/11, 11/7)
හර්මීත් දේසායි (ඉන්දියාව) විසින් වට 3-2 ක් ලෙස චමීර ගිණිගේ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (9/11, 11/3, 11/6, 9/11, 11/3)
ක්‍රිෂාන් වික්‍රමරත්න (ඉන්දියාව) විසින් වට 3-1 ක් ලෙස සුධන්ෂු ග්‍රොවර් (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/9, 11/7, 11/3)

-036


අදහස් (0)

කාන්තා මේසපන්දු කණ්ඩායම රිදී පදක්කමක් දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.