Last Update  :  2024-04-26 21:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා කාර්ය සාධන පරීක්‍ෂණාගාරයක්

ක්‍රීඩා කාර්ය සාධන පරීක්‍ෂණාගාරයක්

ශනුක අරවින්ද - 2017 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ සමස්ත ක්‍රීඩාවට දැඩි අඩුපාඩුවක් පවතින ජෛව යාන්ත්‍ර විද්‍යා පරීක්‍ෂණ පහසුකම් ඇති මානව ක්‍රීඩා කාර්ය සාධන පරීක්‍ෂණාගාරයක් රුපියල් මිලියන 40 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 400 ක් වැය කරමින් ඉදිකිරීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

නවීණ තාක්‍ෂණ පහසුකම් ඇති මෙම පරීක්‍ෂණාගාරය කොළඹ ටොරින්ටන්හි ක්‍රීඩා වෛද්‍ය ආයතනය පිහිටි ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ලක්‍ෂ්මන් එදිරිසිංහ මහතා පැවසීය.

මෙම පරීක්‍ෂණාගාරයේ වැඩකටයුතු ලබන වසරේ (2018) පෙරබරවාරි මාසය වන විට අවසන් කිරීමට නියමිතය.

ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ නිල වෙබ් අඩවිය ජාලගත කිරීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය ශ්‍රවණාගාරයේදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සවයක් ඊයේ (25) පැවැත්විණි.

එහිදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ මෙම ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට ලබන වසරේ අයවැයට යෝජනා කරන බවයි.

“ක්‍රීඩාවේදී මූලිකවම ක්‍රීඩකයන්ගේ මාංශ පේෂි පිළිබඳව අධ්‍යානයක් කළ යුතුයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා වර්ධනයටත්, ශක්තිවය වර්ධනයටත් මාංෂ පේෂිවල හැසිරීම වඩාත් වැඳගත් වෙනවා. අපේ රට මේ දක්වා එවැනි පරීක්‍ෂණ කළ හැකි ආයතනයක් නොතිබීම දැඩි අඩුවක්”

“ලෝකයේ සෑම රටක්ම අපිට වඩා ගව් ගාණක් ඉදිරියට ගිහින් ඉන්නේ. වෛද්‍ය විද්‍යාව ක්‍රීඩාවට එම රටවල් බොහෝ කාලයකට පෙරයි යොදා ගත්තේය. දැන් හෝ අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ පහසුකම් ලබාදිය යුතුයි” යැයි එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ලක්‍ෂ්මන් එදිරිසිංහ මහතා පැවසුවේ මෙම පරීක්‍ෂණාගාරය සඳහා වැය වන මුදලින් මිලියන 12 ක් පමණ රජයෙන් බලාපොරොත්තු වන බවයි.

“වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව ආදි සියලුම නව තාක්‍ෂණය යොදා ගනිමින් ඒවාට අදාල ඉහළ මානව සම්පත් යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආබාධ අවම කිරීමට මේ මගින් අවස්ථාව හිමිවෙනවා”

“මෙම ව්‍යාපෘතියට සමගාමීව නුවරඑළියේ මුහුදු මට්ටමේ සිට මීටර 1800 කට වඩා ඉහළින් පිහිටි ඉහළ උන්නතාංශ පුහුණු මාධ්‍යස්ථානයක් සහ දියගම තවත් පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීමට ද සැළසුම්කර තිබෙනවා” යැයි එදිරිසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.

ක්‍රීඩා අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය එකතුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.


අදහස් (0)

ක්‍රීඩා කාර්ය සාධන පරීක්‍ෂණාගාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.