Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ ‘ක්ලිෆර්ඞ්’ කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය (2019) සී. ආර්. පිල සහ පොලිස් පිල අතර තරගයෙන් ආරම්භ වේ.
පිට පිටම පස්වැනි වරටත් ලීග් ශූරතාව දිනාගත් මහනුවර පිල පැල්ළෙකැලේ රග්බි පිටියේදී ගුවන් හමුදා පිලට එරෙහිව මේ මස 16 වැනිදා තරග කිරීමට නියමිතය.
අනු ශූරයන් වූ හැව්ලොක්ස් පිල කොළඹදී මේ මස 17 වැනිදා නාවික හමුදා පිලට හරෙහිව තරග කිරීමට නියමිතය.
මෙවර තරගාවලියේ අවසන් පූර්ව තරග මේ මස 19 සහ 21 දෙදින කොළඹදී සහ මහනුවරදී පැවැත්වීමට නියමිතය. අවසන් මහ තරගය මේ මස 24 වැනිදා පැවැත්වීමට සැළසුම් කර තිබේ.
තරග කාලසටහන
● මාර්. 15 - සී. ආර්. පිල සහ පොලිස් පිල අතර කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී
● මාර්. 16 - මහනුවර පිල සහ ගුවන් හමුදා පිල අතර පැල්ළෙකැලේ රග්බි පිටියේදී
● මාර්. 16 - සී. එච්. පිල සහ යුද හමුදා පිල අතර කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී
● මාර්. 17 - හැව්ලොක්ස් පිල සහ නාවික හමුදා පිල අතර කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී
● මාර්. 19 - පළමු අවසන් පූර්ව තරගය කොළඹ පැරණි තුරඟ තරග පිටියේ හෝ පල්ළෙකැලේ
● මාර්. 21 - දෙවැනි අවසන් පූර්ව තරගය කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී
● මාර්. 24 - අවසන් මහ තරගය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.