Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කයිල්ගේ වාර්තාව අම්රිත් හිමිකරගනී

කයිල්ගේ වාර්තාව අම්රිත් හිමිකරගනී

editorial - 2019 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ජාත්‍යන්තර පාසල  විසින් සංවිධානය කරන ලැබූ ජාත්‍යන්තර විදුහල් අතර පැවති 25 වැනි අන්තර් ජාතික පිහිනුම් තරගාවලියේදී ගේට්වේ ජාත්‍යන්තර පාසලෙහි අම්රිත් පෙරේරා විසින් කයිල් අබේසිංහගේ මීටර් 200 කේවල මිශ්‍ර ආර වාර්තාව බිඳහෙලීමට සමත් විය. මෙම තරගාවලිය ඊයේ සහ අද (9 සහ 10) කොළඹ සුගතදාස පිහිනුම් සංකීර්ණයේදී පැවැත්වේ.

වයස අවුරුදු 20 න් පහළ කාණ්ඩය සඳහා තරග වදින අම්රිත් පෙරේරා, විනාඩි 2 යි තත්පර 19.62 ක කාලයක් වාර්තා කරමින් කයිල් අබේසිංහ විසින් පසුගිය වසරේ  පිහිටුවන ලද විනාඩි 2 යි තත්පර 41.31 ක වාර්තාව බිඳ හෙලන ලදී.

මීට අමතරව ශූරතාවලියේ පළමු දිනය වූ සෙනසුරාදා (9 වැනිදා) නව වාර්තා 4 ක් පිහිටුවන ලදී. එහිදී වයස අවුරුදු 14 න් පහළ වයස් කාණ්ඩය යටතේ නිකිලේෂ්වරන් කුමාරගුරු විසින් මීටර් 50 පසුපස ආර තරගය තත්පර 31.23 කින් නිමාවට පත්කරනු ලැබූවේ  2016 වසරේදී ඇල්වින් අරුල්මාරන් පිහිටවූ තත්පර 31.35 වාර්තාව බිඳ හෙලමිනි.

වයස අවුරුදු 10 න් පහළ කාණ්ඩය යටතේ අනෙකුත් වාර්තා දෙක පිළිවෙලින් රෝයල් ජාත්‍යන්තර පාසලෙහි දෙව්වින් යනෙත් සහ රත්නපුර ලයිසියම් ජාත්‍යන්තර පාසැලෙහි කෙවන් රණේපුර මීටර් 200 කේවල මිශ්‍ර ඉසව්වෙන්  සහ මීටර් 100 නිදහස් ආර ඉසව්වෙන් පිහිටුවන ලදී. යනෙත් විසින් 2013 දී සවින් කලුආරච්චි තැබූ විනාඩි 3 යි තත්පර 8.53 තැබූ වාර්තාව බිඳ හෙලමින් මිනිත්තු 3 යි තත්පර 05.70 කින් තරගය නිමා කරනු ලැබුවේ රන් පදක්කක් දිනා ගනිමිනි. එමෙන්ම රණේපුර විසින් නිදහස් ආර ඉසව්වේදී 2017 දී සවින් කලුආරච්චි විසින් 2017 දී පිහිටවූ විනාඩි 1 යි තත්පර 17.26 ක වාර්තාව බිඳ හෙලනු ලැබූවේ විනාඩි 1 යි තත්පර 15.70 ක ජයක් වාර්තා කරමිනි.

ශූරතාවලියේ පළමු දිනය අවසන් වන විට නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල පදක්කම් 18 ක් ලබා ගනිමින් පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටියේය. ඔවුන් රන් පදක්කම් 7 ක්, රිදී පදක්කම් හතක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගෙන ඇත.

රන් පදක්කම් 6 ක් සහ රිදී පදක්කම් 4 ක් දිනාගත් පානදුර ලයිසියම් පාසල පදක්කම් 10 ක් සමඟ දෙවන ස්ථානයට පත්වූ අතර කොළඹ ජාත්‍යන්තර පාසල රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගනිමින් තරගාවලියේ තෙවැනි ස්ථානයට පත්විය.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාසල් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් විවෘත මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 790 ක් ඉදිරිපත් වී සිටිති. ඔවුන් අතුරින් 350 ක් ක්‍රීඩකයින් වන අතර ක්‍රීඩිකාවන් 440 ක් ඉදිරිපත්ව සිටිති. ඔවුහු ජාත්‍යන්තර පාසල් කණ්ඩායම් 19 ක් නියෝජනය කරති.

සත්කාරක ආසියානු ජාත්‍යන්තර පාසල්වල වැඩිම පිහිනුම් ක්‍රීඩකයින් (41ක්) යෙදවූ පාසලයි. නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලෙහි කණ්ඩායම්වල පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 35 බැගින් සිටිති. ගේට්වේ සහ කොළඹ ජාත්‍යන්තර පාසල් වල කණ්ඩායම් වලට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 34 බැගින් ඇතුළත්වී සිටිති.

දකුණු ආසියානු ක්‍රීඩා සංචිතයට අයත් පිහිනුම් ක්‍රීඩකයෝ පස් දෙනෙක් මෙම තරගාවලියට සහභාගී වෙති. කොළඹ ජාත්‍යන්තර පාසලේ රේවන් සෙනෙවිරත්න සහ භක්ති කරුණාසේන, කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ස්ටීවන් පෙරේරා, හිරුකි ද සිල්වා සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලෙහි ෂස්නා මාහීර් ජාතික සංචිතයට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.

සියලුම පිරිමි කේවල ඉසව් ඊයේ දින පැවැත්වූ අතර ක්‍රීඩිකාවන් සඳහා පැවැත්වෙන තරග ඉසව් සහ සහය දිවීමේ තරග ඉසව් අද දින (10) දින පැවැත්වීමට නියමිතය.

....


අදහස් (0)

කයිල්ගේ වාර්තාව අම්රිත් හිමිකරගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.