Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්ත පුහුණුකරු දෙගිඩියාවෙන්

එංගලන්ත පුහුණුකරු දෙගිඩියාවෙන්

Nisanka Sandeepani - 2019 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


මේ මස අවසානයේ පැවැත්වීමට නියමිත හය කොන් රග්බි තරගාවලියේ කුසලානය අත්කර ගන්නා කණ්ඩායම තීරණය කෙරෙන උණුසුම් තරගයේදී ඉතිහාසයේ මෙතෙක් විශිෂ්ඨතම කණ්ඩායම ලෙස තරගාවලියට  එක්වී සිටින වේල්සය පරාජය කිරීමට නම් සිය උපරිම දස්කම් දැක්විය යුතුව ඇතැයි එංගලන්ත පිලේ පුහුණුකරු එඩී ජෝන්ස් පවසයි. 

එංගලන්ත පුහුණුකරුවාගේ මෙම ප්‍රකාශය අයත් වන්නේ සතුරා ඉදිරියේ දෙගිඩියාවෙන් සිටින ආක්‍රමණශීලියාට යයි රග්බි විචාරකයෝ කියති. බොහෝ අවස්ථාවලදී එවැනි ප්‍රකාශයක සැඟවුණ අරුත වන්නේ ප්‍රතිවාදී කණ්ඩායම තමන්ට වඩා දක්‍ෂ බව පිළිගැනීම වුවත් ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට දක්වන අකමැත්ත නොහොත් පසුබට වීමයි. 

ට්වීකන්ම්හැම් හී දී ප්‍රංශය ලකුණු 44-8 කින් පරාජය කළ එංගලන්ත පිලේ වාර්තා වූ උත්සාහක දිනුම් 6  න් තුනක්ම තැබූ ජොනී මේ දැක්වූ දස්කම් නිසා ඔහු ගැන ඇති බලාපොරොත්තු අහස උසට නැගී ඇත.

මේ දක්වා පැවැති තරග දෙකම ජයගැනීමට එංගලන්තය සමත්වී සිටින අතර වේල්සය ද සිය තරග දෙකම ජයගත්තේය. වේල්ස් කණ්ඩායම ඉතාලියට එරෙහිව රෝමයේදි ලැබූ ජයග්‍රහණය ඔවුන් පිට පිට ලැබූ 11 වැනි ජයග්‍රහණය ද විය. එවැනි දස්කමක් ඔවුන් පෙන්නුම් කළේ වසර 1907 දී සහ 1910 න් පසුවය. 

දැන් කාගෙත් දෑස් යොමුවී ඇත්තේ 23 වැනිදා කාඩිෆ් නගරයේදී පැවැත්වෙන එංගලන්තය සහ වේල්සය අතර තරගය කෙරෙහිය. 
“අපි ක්‍රීඩා කරන්නට සූදානම් වන්නේ ඉතිහාසයේ හොඳම වේල්ස් කණ්ඩායම සමගයි....අපි මේ තරගය ජයගැනීමට නම් උපරිම අයුරින් ක්‍රීඩා කළ යුතුයි. බදාදා අපි ඒ සඳහා පුහුණුවීම් ආරම්භ කරනවා” යයි එංගලන්ත පිලේ පුහුණුකරු එඩී ජෝන්ස් කියයි.

“අපි තරග වදින්නට යන්නේ වොරන් ගැට්ලන්ගේ කණ්ඩායමක් සමගයි” යයි එඩී ජෝන්ස් එසේ කියන්නේ මේ වසරේ දී ජපානයේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියෙන් පසුව සිය තනතුරෙන් ඉවත්වෙන වේල්සයේ පුහුණුකරු ගැනය.

“පසුගිය අවුරුදු 15 පුරාම වොරන් තමයි යුරෝපීය රග්බි ක්‍රීඩාවේ මුදුන් මුල වුණේ. අපි ක්‍රීඩා කරන්නට යන්නේ එවැනි පුහුණුකරුවකුගේ කණ්ඩායමක් සමගයි. අපි ක්‍රීඩා කරන්නට යන්නේ ඉතා හැඩිදැඩි ශාරිරික ශක්තියෙන් පිරිපුන් කණ්ඩායමක් සමගයි. ඔවුන්ට එරෙහිව රැස් කරන්න පුළුවන් හැම ලකුණක්ම තීරණාත්මකයි” යයි එඩී කීවේය.

- 077


අදහස් (0)

එංගලන්ත පුහුණුකරු දෙගිඩියාවෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.