Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආදරවන්තයන්ගේ සටන කල් දමයි

ආදරවන්තයන්ගේ සටන කල් දමයි

editorial - 2020 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල රිච්මන්ඩ් විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර අප්‍රේල් මස 3 සහ 4 යන දිනවල ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ 115 වැනි ‘ආදරවන්තයන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය දින නියමයකින් තොරව කල් දමා තිබේ.

මේ දින වල උද්ගතවී ඇති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙම තරගය කල් දැමීමට සිදුව ඇතැයි දෙවිදුහල්වල විදුහල්පතිවරු ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ‍පවසති.  

මෙම තරගයට සමගාමීව පැවැත්වීමට නියමිතව තිබූ ආගමික වැඩසටහන්, ශිෂ්‍ය පාපැදි වාරිකාව, සුහද විවාදය, ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරගය සහ සෙසු සියලු වැඩසටහන්ද මහ ක්‍රිකට් තරගයට අනුරූපීව කල් දැමීමට සිදුව ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.

-036


අදහස් (0)

ආදරවන්තයන්ගේ සටන කල් දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.