Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අර්ධ අවසන් පූර්ව තරග හෙට - අනිද්දා

අර්ධ අවසන් පූර්ව තරග හෙට - අනිද්දා

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වැන්ටේජ් එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග හෙට (17 වැනිදා) සහ අනිද්දා (18 වැනිදා) දෙදින කොළඹ සුගතදාස ක්‍රීඩංගණයේදී පැවැත්වේ.  

හෙට පස්වරු 3.30 ට ආරම්භ වන පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී යුද හමුදාව සහ ගමනාගමන මණ්ඩලය තරගවැදීමට නියමිත අතර පස්වරු 6.00 ට ආරම්භ වන දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී කොළඹ පාපන්දු සමාජය සහ නිව් යංග්ස් පාපන්දු සමාජය තරග වැදීමට නියමිතය.

බන්ධනාගාර ක්‍රීඩා සමාජය සහ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය අතර තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය අනිද්දා පස්වරු 3.30 ට ආරම්භ වන අතර රිනවුන් ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගය එදින පස්වරු 6.00 ට ආරම්භ වනු ඇත.


අර්ධ අවසන් පූර්ව වටයේ කාල සටහන
■    නොවැම්බර් 17 - පස්වරු 3.30 - යුද හමුදාව සහ ගමනාගමන මණ්ඩලය අතර
■    නොවැම්බර් 17 - පස්වරු 6.00 - කොළඹ පාපන්දු සමාජය සහ නිව් යංග්ස් පාපන්දු සමාජය අතර
■    නොවැම්බර් 18 - පස්වරු 3.30 - බන්ධනාගාර ක්‍රීඩා සමාජය සහ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය අතර
■    නොවැම්බර් 18 - පස්වරු 6.00 - රිනවුන් ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර


-036

 


අදහස් (0)

අර්ධ අවසන් පූර්ව තරග හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.