Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අර්ධ අවසන් පූර්ව තරග අද-හෙට

අර්ධ අවසන් පූර්ව තරග අද-හෙට

Nisanka Sandeepani - 2018 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 20න් පහළ පාපන්දු තරගාවලිය අර්ධ අවසන් පූර්ව තරග අද සහ හෙට (23 සහ 24) කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වේ.

පාසල් 38 ක කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගි වූ අතර එහි අවසන් පූර්ව තරග  පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන දෙසැම්බර් 14 වැනිදා සුගතදාස පිටියේදීය. තෙවනි ස්ථානය තේරීම් හා අවසන් මහ තරගය දෙසැම්බර් 16 පස්වරු 3.30ට හා 5.30ට සුගතදාස පිටියේදී පැවැත්වේ. 

තරග 40 කින් සමන්විතව පැවැති මූලික වටයේදී ගම්පහ බණ්ඩාරනායක විදුහල පරාජයට පත් කරමින් මීගමුව මාරිස්ටෙලා විදුහල හා යාපනය මහජන විදුහල ලබාගත් ජයග්‍රහණ දෙකම කැපී පෙනෙන්නේ එම තරග දෙකේදීම බණ්ඩාරනායක විදුහල ගෝල 8-0ක් වන දැවැන්ත පරාජයන් දෙකක් ලැබීමය. 

අර්ධ අවසන් පූර්ව තරග වටය පැවැත්වෙන ආකාරය 

(නොවැම්බර් 23 වැනිද)
* පස්වරු 3.30 මීගමුව මාරිස්ටෙලා විදුහල හා යාපනය මහජන විදුහල අතර 
* පස්වරු 5.30 ගම්පොල සහිරා  විදුහල හා කොළඹ  අල් හුසේන් විදුහල අතර 

(නොවැම්බර් 24 වැනිද)
* පස්වරු 3.30ට ශාන්ත පීතර විදුහල හා ශාන්ත ජෝශප් විදුහල අතර 
* පස්වරු 5.30ට කොළඹ සහිරා  හා යාපනය ශාන්ත පැට්ටි්‍රක් විදුහල  අතර

 


අදහස් (0)

අර්ධ අවසන් පූර්ව තරග අද-හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.