Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අප් කන්ට්‍රි ලයන්ස් - නාවිකයෝ ජය ලබති

අප් කන්ට්‍රි ලයන්ස් - නාවිකයෝ ජය ලබති

Nisanka Sandeepani - 2018 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ පෙලිකන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 2-0 ක් ලෙස ජය ගැනීමට අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය සමත් විය. 

ඒ. ක්වේම් 46 වැනි මිනිත්තුවේදීද, දිනේෂ් අබේරත්න 68 වැනි මිනිත්තුවේදීද, අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් එම ජයග්‍රාහී ගෝල දෙක වාර්තා කළහ. 

එහිදී පෙලිකන්ස් ක්‍රීඩා සමාජයේ සී. ගොඩ්ෆ්‍රි කහ කාඩ්පතක් ලැබීය.  

මේ අතර නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවැති තවත් තරගයකදී ගෝල 2-1 ක් ලෙස ක්‍රිස්ටල් පැලස් පාපන්දු සමාජය පරාජය කිරීමට නාවික හමුදා පාපන්දු සමාජය සමත් විය. 

එහිදී නාවික හමුදා පාපන්දු සමාජය වෙනුවෙන් නාගුර් මිරා 27 වැනි මිනිත්තුවේදීද, ඒ.ඩී. මධුෂංක 34 වැනි මිනිත්තුවේදීද ගෝල ලබා ගැනීමට සමත් වූහ.

ක්‍රිස්ටල් පැලස් පාපන්දු සමාජය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කීමට එච්.එම්. ශමීක් සමත් වූ අතර ඔහු එම ගෝලය ලබගත්තේ 79 වැනි මිනිත්තුවේදීදය. 

එම තරගයේදී නාවික හමුදා පාපන්දු සමාජයේ ආර්.එම්. පෙරේරා කහ කාඩ්පතක් ලැබීය.

-036 


අදහස් (0)

අප් කන්ට්‍රි ලයන්ස් - නාවිකයෝ ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.