Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අධ්‍යාපන අමාත්‍යංශයට අධ්‍යක්ෂ ජනරාල් ධූරයක්

අධ්‍යාපන අමාත්‍යංශයට අධ්‍යක්ෂ ජනරාල් ධූරයක්

නාමල් පතිරගේ - 2020 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරීරික අධ්‍යක්ෂ ක්‍රීඩා හා සෞඛ්‍ය පරිපාලන අංශය අධ්‍යක්ෂ ජනරාල්වරයකු බාරයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එහි ප්‍රථම ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට නිර්දේශ වී සිටින්නේ මෙරට අනිල් වීරසිංහ මහතාය.

වීරසිංහ මහතා මේ වන විට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ උප සභාපති ධුරයක් දරන අතර, මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ විවිධ තනතුරු රැසක් දරා තිබේ. මලල ක්‍රීඩා සංගමයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම උප සභාපතිවරයා වන්නේද ඒ මහතාය.

එවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික ක්‍රියාකාරකම්) ධුරයේ කටයුතු කළ සුනිල් ජයවීර මහතාගෙන් පසුව අධ්‍යාපන සේවයේ නිරත වෙමින් ජාතික ක්‍රීඩා සංගමයක දීර්ඝතම කාලයක් ධුරයක් දරමින් සිටින්නාද වීරසිංහ මහතාය.
අධ්‍යාපන පරිපාලන සේවයේ ඔහු වෘත්තීය සමිති ක්‍රියාධරයකු ලෙසත් කටයුතු කරන අතර, මේ දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා පරිපාලන කටයුතු මෙහෙයවීම සිදුවන්නේ අධ්‍යක්ෂවරයකුගේ බාරයේය.

අධ්‍යාපන අමාත්‍යාංශය වාර්ෂිකව මෙහෙයවන ප්‍රධානතම ක්‍රීඩා උළෙල වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල මලල ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා ඉසව් 35කට ආසන්න ගණනක් ඇතුළත්ව පැවැත්වේ. කෙසේ වුවත් කොවිඩ් වසන්ගත තත්ත්වය හමුවේ මෙම වසරට නියමිත ක්‍රීඩා උළෙල අවලංගු කරනු ලැබීය.

දැනට ක්‍රියාත්මක අධ්‍යක්ෂක (ක්‍රීඩා හා ශාරීරික ක්‍රියාකාරකම්) ධූරටද නව තනතුරට පහළින් ක්‍රියාත්මක වේ. අනිල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙසින් වසර 12 ක් කටයුතු කර තිබේ.

 


අදහස් (0)

අධ්‍යාපන අමාත්‍යංශයට අධ්‍යක්ෂ ජනරාල් ධූරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.