Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 96 ලෝක ශූරයෝ යාපනයේ තරගයක

96 ලෝක ශූරයෝ යාපනයේ තරගයක

රොෂාන් ගුණරත්න - 2021 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින ලෝක ශූරතාවය (1996) දිනා වසර 25 ක් සැමරීම නිමිත්තෙන් එම තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයකට එක්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ. මෙම තරගය යාපනයේ ක්‍රිකට් කණ්ඩායමක් සමගින් යාපනයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර මාර්තු 26 හෝ 28 දින දෙකෙන් එකකදී පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව විසින් 1996 වසරේ මාර්තු 17 වැනිදා ඕස්ට්‍රේලියාව පරාජය කරමින් එක්දින ලෝක ශූරතාවය දිනා ගත් අතර, ලබන මස 17 වනදා ද ඊට සමගාමීව සැමරුම් උත්සව රටපුරා සංවිධාන කර තිබේ.

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස්” ක්‍රිකට් තරගාවලියට 1996 ලෝක කුසලානය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සහභාගී විමට නියමිතව තිබුණද එම කාලය තුල රට පුරා සැමරුම් උත්සව පැවැත්වෙන බැවින් රෝඩ් සේෆ්ටි තරගාවලියට සහභාගි නොවීමට ඔව්හු තීරණය කළහ.

 


අදහස් (0)

96 ලෝක ශූරයෝ යාපනයේ තරගයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.