Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තායිලන්තයේ‘නිකොන්-රැට්බසීමා’ නගරයේදී රටවල් 13 ක සහභාගිත්වයෙන් ලබන සෙනසුරාදා (13) ආරම්භ වන දෙවැනි ආසියානු වයස 23න් පහළ කාන්තා යොවුන් වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබුණි. තිලිණි වාසනා පෙරේරාගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩිකාවන් 12 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමත් සහභාගිවන අතර එහිදී චින-තයිපේට එරෙහිව ශ්‍රී ලංකාව පළමු තරගයට සෙනසුරාදා සහභාගිවීමට නියමිතය.
තරගාවලියේ මුලික වටයේදී ශ්‍රී ලංකාව ‘සී’ කාණ්ඩයෙන් තරග වදින අතර එහිදී කසකස්තානය හා ඕස්ටේ්‍රලියාවට එරෙහිවද තවත් තරග දෙකකට ශ්‍රී ලංකාව සහභාගි වේ.
සුපිරි අවසන් වටයට පිවිසීමට නම් ශ්‍රී ලංකාව අවම මුලික වටයේ තරග දෙකක් ජයගත යුතුව ඇත. මුලික වටයේ ‘ඒ’ ‘බී’ සහ ‘ඩී’ යන කාන්ඩ දෙකෙන් එකකට රටවල් තුනක් බැගින් සහභාගි වුවත් ශ්‍රී ලංකාව තරග වදින ‘සී’ කාණ්ඩයට පමණක් රටවල් හතරක් ඇතුළත්ව තිබීම කැපී පෙනේ.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා ‘ලංකාදීප’යට පැවසුවේ ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී අවම සුපිරි අට වටයට පිවිසීමට අපේක්‍ෂාවෙන් පසුවන බවයි. ඒ සඳහා නිර්දේශ කළ පුහුණු සංචිතය මාස තුනකට ආසන්න කාලයක් පවත්වා ගෙන යාමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගත් බවත් ඔහු එහිදී පැවසීය.
ගුවන් හමුදා වොලිබෝල් (කාන්තා) කණ්ඩායමේ ක්‍රීඩිකාවන් බහුතරයකගෙන් සමන්විත වයස 23න් පහළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ තායිලන්ත තරග සංචාර සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන්ද අනුග්‍රහය ලැබුණු බව ඔහු පැවසීය. වසරේ මුල් භාගය ගෙවීයාමටත් පෙර ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මේ වනවිට අන්තර් ජාතික වොලිබෝල් තරග මාලා තුනකට සහභාගිවීමට සමත්ව සිටියි.
මෙම වසරේදී අන්තර්ජාතික තරග මාලා පහකට සහභාගිවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සුදානමින් සිටියි.
ආසියානු වයස 23න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාව තරග වදින ආකාරය.
23න් පහළ කාන්තා වොලිබෝල් කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.