Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 23 න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය 16 වැනිදා සිට

23 න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය 16 වැනිදා සිට

රොෂාන් ගුණරත්න - 2020 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන වසය 23 න් පහළ ක්‍රිකට් තරගාවලිය ලබන මස 16 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය. මින් පෙර දෙදින තරගාවලියක් ලෙස පැවැති මෙම තරගාවලිය විවිධ හේතූන් මත මේ වසරේදී එක්දින තරගාවලියකට පමණක් සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

පසුගිය වසරේ පැවැති 23 න් පහළ තරගාවලියට කණ්ඩායම් 24 ක් සහභාගිවූ අතර මෙවර තරගාවලියට තවත් කණ්ඩායම් 2 ක් එක්කරමින් කණ්ඩායම් 26 ක් දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත. ඒ අනුව කණ්ඩායම් 26 ක් කාණ්ඩ 4 ක් යටතේ තරග වදිනු ඇත.

‘ඒ’ සහ ‘ඩි’ කාණ්ඩ දෙක සඳහා කණ්ඩායම් 7 බැගින් ඇතුළත් වන අතර ‘බී’ සහ ‘සී’ කාණ්ඩ දෙක සඳහා කණ්ඩායම් 6 බැගින් ඇතුළත් වේ. ඒ අනුව මූලික වටයේදී ‘ඒ’ සහ ‘ඩි’ කාණ්ඩවල කණ්ඩායම් තරග 6 කට සහභාගිවිය යුතු අතර ‘බී’ සහ ‘සී’ කාණ්ඩ වල කණ්ඩායම් තරග 5 බැගින් ක්‍රීඩා කල යුතුව ඇත.

ඒ ඒ කාණ්ඩයන්හි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත. අවසන් පූර්ව වටයේ තරග ඔක්තෝබර් 7 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහා තරගය ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වීමට නියමිතව අත.

‘ඒ’ කාණ්ඩය - 
යුදහමුදාව, නාවික හමුදාව, බී.ආර්.සී, බදුරලිය, පොලිස්, නුගේගොඩ, සෙබස්තියනයිට්ස්

‘බී’ කාණ්ඩය - 
හලාවත මේරියන්ස්, ගුවන් හමුදාව, රාගම, ලන්කන්, මීගමුව, පානදුර

‘සී’ කාණ්ඩය - 
කෝල්ට්ස්, එන්.සිී.සී, සැරසන්ස්, කළුතර නාගරික, වරාය අධිකාරිය, මූවර්ස්

‘ඩී’ කාණ්ඩය - 
එස්.එස්.සී, ද්‍රවිඩ සංගමය, බ්ලූම්ෆීල්ඞ්, සී.සී.සී, ගාල්ල, කුරුණෑගල යොවුන්, කැන්ඩි කස්ටම්ස්


අදහස් (0)

23 න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය 16 වැනිදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.