Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 19 න් පහළ අන්තර් පළාත් තරගාවලියක්

19 න් පහළ අන්තර් පළාත් තරගාවලියක්

editorial - 2019 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 16 වැනිදා සිට 23 වැනිදා දක්වා වයස 19 න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු සංවිධානය කර තිබේ.

කොළඹ, මහනුවර, ගාල්ල සහ දඹුල්ල යන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහ පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගාවලිය පැවැත්වේ.

මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් සමගින් තරග 3 කට බැගින් ක්‍රීඩා කිරීමට නියමිත අතර එහිදී වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගන්නා කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය පැවැත්වේ.

කණ්ඩායමකට 15 බැගින් වයස 19 න් පහළ ක්‍රීඩකයන් 60 දෙනෙක් පමණ මෙම තරගාවලිය සඳහා තෝරාගනු ලබන අතර තරගාවලියේදී ඔවුන් අතරින් ඉහළම දස්කම් දක්වන ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමට සහ නැඟී එන කණ්ඩායමට ඇතුළත් වීමට අවස්ථාව හිමවන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

තරගාවලියේ ශූරයන්ට සහ අනු ශූරයන්ට කුසලාන සමගින් මුදල් ත්‍යාග පිරිනැමෙන අතර තරගාවලියේ වීරයා, දක්ෂතම පිතිකරුවා සහ දක්ෂතම පන්දු යවන්නා සඳහාද කුසලාන සමගින් මුදල් ත්‍යාග පිරිනැමීමට සංවිධාකයෝ සූදානමින් සිටිති.


තරග කාල සටහන
ජූලි 16 වැනිදා - කොළඹ සහ දඹුල්ල අතර දඹුල්ලේදී
ජූලි 16 වැනිදා - මහනුවර සහ ගාල්ල අතර පල්ලෙකැළේදී
ජූලි 18 වැනිදා - කොළඹ සහ මහනුවර අතර දඹුල්ලේදී
ජූලි 18 වැනිදා - දඹුල්ල සහ ගාල්ල අතර පල්ලෙකැළේදී
ජූලි 20 වැනිදා - කොළඹ සහ ගාල්ල අතර දඹුල්ලේදී
ජූලි 20 වැනිදා - දඹුල්ල සහ මහනුවර අතර පල්ලෙකැළේදී
ජූලි 22 වැනිදා - තෙවැනි ස්ථානය තේරීමේ තරගය දඹුල්ලේදී
ජූලි 23 වැනිදා - අවසන් මහ තරගය දඹුල්ලේදී

-036

 


අදහස් (0)

19 න් පහළ අන්තර් පළාත් තරගාවලියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.