අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන තරගාවලියේ තෙවැනි සතිය අවසන් වනවිට ලකුණු 47.14 ක් ලබාගත් පොලිස් පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්විය.
කරට කර සටනක නිරත වන වරාය අධිකාරිය කණ්ඩායම ප්‍රසාද ලකුණු 43.63 ක් සහ ගාල්ල පිල ප්‍රසාද ලකුණු 43.235 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වල පසුවන්නේය.
දෙවැනි සතිය අවසන් වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටි ගාල්ල පිල මෙම සති අන්තයේදී තෙවැනි ස්ථානය දක්වා පහත වැටෙන විට දෙවැනි ස්ථානයේ සිටි පොලිස් පිල පෙරමුණට පත්විය. තෙවැනි ස්ථානයේ සිටි වරාය අධිකාරිය පිල දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.