Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හෝමාගම රෝහලට මුදලින් අධාර

හෝමාගම රෝහලට මුදලින් අධාර

රොෂාන් ගුණරත්න - 2020 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා (කොවිඩ් - 19) වයිරසයෙන් ආරක්‍ෂා වීම සඳහා හෝමගම මූලික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආරක්ෂක උපකරණ මිලදී ගැනීම ට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මුදලින් ආධාර කළේය. කොවිඩ් - 19 වයිරසය සම්බන්ධයෙන් සැකකටයුතු රෝගීන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන හෝමගම මූලික රෝහල විසින් කරන ලද ඉල්ලීමකට අනුව දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙම පරිත්‍යාගය කළේය.

 
සැක සහිත කොවිඩ් - 19 රෝගීන් හෝමගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන් හා කෙලින්ම සම්බන්ධ වීමේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පුද්ගලික ආරක්ෂක උපකරණ අත්‍යවශ්‍ය වෙයි. එම උපකරණ මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් දිමූත් කරුණාරත්න විසින් හෝමගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ජනිත හෙට්ටිආරච්චි මහතාට පරිත්‍යාග කරන ලදී.
 
“මෙම මාරාන්තික වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා අස්සක් මුල්ලක් නෑර සියලු දෙනාගේම දායකත්වය අවශ්‍ය වන අතර රටට උපකාර කිරීම මේ මොහොතේ ක්‍රීඩකයින් වශයෙන් අපගේ යුතුකමයි” යැයි දිමුත් කරුණාරත්න පැවසීය.
 
මීට දින කිහිපයකට පෙර, ජාතික ක්‍රිකට් කණ්ඩායම විසින් කොළඹ මහ රෝහලට වීඩියෝ ලැරින්ගෝස්කෝප් එකක් මිලදී ගැනීම සඳහාද මූල්‍යමය ප්‍රදානයක් ලබා දුන් අතර එය කොවිඩ් - 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ප්‍රාථමික වෛද්‍ය උපකරණයකි. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ ඔවුන්ගේ සමාජ මාධ්‍ය හරහාත් ‘කොවිඩ් -19’ වසංගතයට එරෙහි සටනට නිරන්තරයෙන් සහයෝගය දක්වමින් සිටිති.

 


අදහස් (0)

හෝමාගම රෝහලට මුදලින් අධාර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.