Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ​මිලාන්ගේ දස්කම් මුවර්ස් පිල ඉනිමකින් දිනවයි

​මිලාන්ගේ දස්කම් මුවර්ස් පිල ඉනිමකින් දිනවයි

editorial - 2025 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි සතිය යටතේ ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයට එරෙහිව කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණක පහසු ජයක් වාර්තා කිරීමට මුවර්ස් ක්‍රීඩා සමාජය ඊයේ (28 වැනිදා) විය. මෙවර තරගාවලියේදී මුවර්ස් කණ්ඩායම ලැබූ පළමු ජයග්‍රහණය මෙය විය. 

ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 133 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදී සිටි ඒස් කැපිටල් කණ්ඩායමට මිලාන් රත්නායක ප්‍රමුඛ මුවර්ස් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 132 ක් පමණි. පළමු ඉනිමේදී ලකුණු 26 කට කඩුලු 6 ක් දවාගත් මිලාන්, දෙවැනි ඉනිමේදී ලකුණු 29 කට කඩුලු 4 ක් බිඳහෙළමින් ඉනිම් දෙකේදී දවාගත් කඩුලු සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ දමාගත්තේය. 

දෙවැනි දිනය වූ පෙරේදා (27 වැනිදා) කඩුලු 7 ක් දැවී ලකුණු 336 ක් ලබා සිටි මුවර්ස් කණ්ඩායම, අවසන් දිනයේදී කඩුලු 2 ක් අහිමිකර ගනිමින් සිය පළමු ඉනිමට තවත් ලකුණු 49 ක් එක්කර ගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා ඒස් කැපිටල් කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. එහිදී පන්දු 86 කට මුහුණදුන් මිලාන් රත්නායක හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 64 ක් රැස්කළේය.
 
එහිදී ශෙහාන් ප්‍රනාන්දු (38) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මිලාන් සමත් විය. මුවර්ස් කණ්ඩායම වෙනුවෙන් සොහාන් ද ලිවේරා හතරේ පහර 10 ක් සමග ලකුණු 82 ක්ද, නායක රමේෂ් මෙන්ඩිස් හතරේ පහර 8 ක් සමග ලකුණු 62 ක්ද රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. එහිදී මුවර්ස් පිතිකරුවන්ට ලකුණු 121 ක් ලබාදුන්නද කඩුලු 5 ක් බිඳහෙළීමට ඒස් කැපිටල් කණ්ඩායමේ වනුජ සහන් සමත් විය. 


ඒස් කැපිටල්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 252 
(පවන්ත වීරසිංහ 54, රනේෂ් සිල්වා 61, රවීන් ද සිල්වා 68, ඉසිත විජේසුන්දර 23, මිලාන් රත්නායක 26/6, ශිරාන් ප්‍රනාන්දු 57/2) 

මුවර්ස් පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 385 
(සොහාන් ද ලිවේරා 82, පසිඳු සූරියබණ්ඩාර 48, සිතාර ගිම්හාන් 39, රමේෂ් මෙන්ඩිස් 62, ෂෙහාන් ප්‍රනාන්දු 38, මිලාන් රත්නායක 64, වනුජ සහන් 121/5, හේෂාන් හෙට්ටිආරච්චි 91/2) 

ඒස් කැපිටල්ස් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 132 
(පවන් පතිරාජ 27, රනේෂ් සිල්වා 21, වනුජ සහන් 28, මිලාන් රත්නායක 29/4, ප්‍රවීන් ජයවික්‍රම 50/4) 


අදහස් (0)

​මිලාන්ගේ දස්කම් මුවර්ස් පිල ඉනිමකින් දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.