Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ දෙවැනි අවසන් පූර්ව තරගය මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර අනිද්දා (17 වැනිදා) කොළඹ බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස සුකිත ප්‍රසන්න කටයුතු කරන අතර සාන්ත තෝමස් විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස රයන් ප්‍රනාන්දු කටයුතු කරයි.
මහනුවර ත්‍රිත්ව විදුහල පරාජය කරමින් ශාන්ත සෙබස්තියන් විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර සාන්ත තෝමස් විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල පරාජය කරමිනි.
මූලික වටයේදී සහ දෙවැනි වටයේදී කාණ්ඩ ශූරයන් බවට පත්වෙමින් අපරාජිතව පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් ශාන්ත සෙබස්තියන් විදුහල, අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ එහිදී කොළඹ තර්ස්ටන් විදුහල පරාජය කරමිනි.
අපරාජිත සාන්ත තෝමස් විදුහලද මූලික වටයේදී සහ දෙවැනි වටයේදී කාණ්ඩ ශූරයන් බවට පත්වූ අතර පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී කළුතර විද්‍යලය පරාජය කරමින් ඔවුහු අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියහ.
ශාන්ත සෙබස්තියන් විදුහල් සංචිතය
සුකිත ප්‍රසන්න (නායක), කළණ සංදීප (උප නායක), බිහඟ මෙන්ඩිස්, සවිඳු රොද්‍රිගූ, සඳුන් ප්‍රනාන්දු, යෂාන් අවිෂ්ක, සංදේෂ් ප්‍රනාන්දුු, අශාන් ප්‍රනාන්දු, හිරුමාල් පෙරේරා, ක්‍රිෂේන් පෙරේරා, චකිල පෙරේරා, සවීන් ප්‍රනාන්දු, ශෙවෝන් පෙරේරා, මලිඳු ප්‍රනාන්දු, ඉමාල් බොතේජු මහතා (පුහුණුකරු), සමිත් ප්‍රනාන්දු මහතා (සහාය පුහුණුකරු), සරත් පෙරේරා මහතා (පරිඝනක දත්ත විශ්ලේෂක සහ සහාය පුහුණුකරු), ෆ්‍රෑන්ක් කුරේ මහතා (ක්‍රීඩා භාර ආචාර්ය)
සාන්ත තෝමස් විදුහල් සංචිතය
රයන් ප්‍රනාන්දු (නායක), අනුක් පලිහවඩන, ඉසුරු මඩවල, අනීෂ් කමලචන්ද්‍රන්, යසිරු රොද්‍රගූ, විෂුද් පෙරේරා, කැනිස්ටන් ගුණරත්න, චරිත තෝරදෙණිය, රන්දීව් ගුණසේකර, මනිත් පෙරේරා, රුවින් කෝදාගොඩ, ජෝන් මහමුදලි, දිල්ෂාන් මෙන්ඩිස් මහතා (පුහුණුකරු), චමින්ද ද සිල්වා මහතා (පුහුණුකරු), යොහාන් මෙන්ඩිස් මහතා (ක්‍රීඩා භාර ආචාර්ය)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.