Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සභාපති කුසලාන කොළඹට

සභාපති කුසලාන කොළඹට

නාමල් පතිරගේ - 2020 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වැන්ටේජ් - සභාපති පාපන්දු කුසලාන කොළඹ ක්‍රීඩා සමාජ ක්‍රීඩකයෝ ඊයේ (2) පහසුවෙන් දිනාගත්හ. ඊයේ රාත්‍රීයේ සුගතදාස ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වූ අවසන් මහ තරගයේදී කොළඹ ක්‍රීඩා සමාජ කණ්ඩායම වෙතින් ගෝල 4-0 කට පරාජය වූයේ බ්ලූඊගල්ස් (ගුවන් හමුදා) කණ්ඩායමයි.

හත්දහසකට ආසන්න නරඹන්නන් පිරිසක් රැස්ව සිටි සුගතදාස පිටියf්දී පළමු භාගය ගෝල 1-0 කට නිමා කරමින් තරග ආරම්භයේදීම ජයග්‍රාහි මාවතට පිවිසීමට කොළඹ කණ්ඩායම සමත් විය.
එහිදී 30 වැනි විනාඩියේදී අහමඞ් ෂර්නි විසින් එම ගෝලය වාර්තා කළේය. තරග පුරා දස්කම් දැක්වූ කොළඹ ක්‍රීඩකයන් අතරින් ෂර්නිගේ දස්කම් තවදුරටත් කැපී පෙණුනේ 81 වැනි විනාඩියේදී ද ඔහු වෙතින් තවත් ගෝලයක් වාර්තාවීමෙනි.

ඒ අනුව 67 වැනි මිනිත්තුවේදී නයිජිරියානු ක්‍රීඩක ෆූරිස් මොමෑස් ද, 89 වැනි විනාඩියේදී ෂබීර් රහුනියා විසින් ද, ලබාගත් ගෝල සමගින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පළමු වතාවට සංවිධානය කළ සභාපති කුසලාන පාපන්දු තරගාවලිය ජය ගැනීමට කොළඹ ක්‍රීඩා සමාජය සමත් විය.
 
වසර 2017-18 ශූරයන්ගේ තරගාවලිය ජය ගැනීමෙන් පසුව දේශීය පාපන්දු පිටියේ ඔවුන් ලබාගත් ඉහළතම පාපන්දු ජයග්‍රාහණය ඒ අනුව ඊයේ වාර්තා විය.

තරගාවලිය පුරා සුපිරි දස්කම් දැක්වූ කොළඹ කණ්ඩායම මූලික වටයේදී ‘ඊ’ කාණ්ඩයෙන් තරගවැදි එහි දෙවැනි තැන ලද කණ්ඩායම ලෙසින් අවසන් වටයට පිවිසීමට සමත් විය. තරගාවලියේ ඔවුන් ලද එකම පරාජයත් බ්ලූඊගල්ස් කණ්ඩායමට එරෙහිව වාර්තා වීම කැපී පෙනෙන සිදුවීමකි.
තරගාවලිය පුරා ඊයේ ලක්‍ෂ තුනක ත්‍යාග මුදලත් සමඟ කොළඹ කණ්ඩායමට හිමිවූ මුළු ගෙවීම් රුපියල් ලක්‍ෂ 18 ක් විය.

තරගාවලියේ විශේෂ සම්මාන: තරගාවලියේ වීරයා - කවිඳු ඉෂාන් (බ්ලූඊගල්ස්), අවසන් මහ තරගයේ වීරයා - මොහොමඞ් ෆසාල් (කොළඹ) සහ හොඳම විනය ගරුක කණ්ඩායම - වෙන්නප්පුව නිව් යංග්ස්  


අදහස් (0)

සභාපති කුසලාන කොළඹට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.