Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ නේපාලය පරදවති

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ නේපාලය පරදවති

editorial - 2019 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සම්මු අෂාන්ගේ (නොදැවී 72) විශිෂ්ඨ පිතිහරඹය හමුවේ 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ඉසව්ව යටතේ නේපාලයේ කත්මණ්ඩු නුවර ත්‍රිබුවාන් විශ්ව විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) පැවැති විස්සයි20 තරගයකදී නේපාලයට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා 23 න් පහළ කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා 23 න් පහළ ක්‍රීඩකයෝ පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. එහිදී වේගවත් පිතිහරඹයක නිරතවූ සම්මු අෂාන් පන්දු 44 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 72 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

නිෂාන් මධුෂංක සහ සම්මු අෂාන් එක්ව සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 66 කදී ලකුණු 91 ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා 23 න් පහළ කණ්ඩායමට ජයග්‍රහණය කරා රැගෙන යාමට අවශ්‍ය අඩිතාලම දැමූහ.

වේගවත් ආරම්භයක් ලබාගත් පැතුම් නිස්සංක පන්දු 12 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 30 ක් ලබාගත් අතර නිෂාන් මධුෂංක පන්දු 42 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 46 ක් රැස්කළේය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා 23 න් පහළ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා නේපාල කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 172 ක් රැස්කිරීමට ඔවුහු සමත් වූහ.

වේගවත් පිතිහරඹයක නිරතවූ දිපෙන්ද්‍ර සිං අයිරී පන්දු 44 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 72 ක් රැස්කිරීමට සමත් විය. බිනෝද් බන්ඩාරී සමගින් සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 45 කදී ලකුණු 56 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ දිපෙන්ද්‍ර, ඉන් නොනැවතී පස්වැනි කඩුල්ල සඳහා පවන් සර්රාෆ් සමග පන්දු 29 කදී තවත් වේගවත් ලකුණු 62 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීය.

කමිඳු මෙන්ඩිස් සිය ඕවර 4 ලකුණු 34 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගත් අතර අසිත ප්‍රනාන්දු, කවිෂ්ක අංජුල සහ දුවිඳු තිලකරත්න කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.

සාග් ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ඉසව්ව යටතේ ශ්‍රී ලංකා 23 න් පහළ කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය හෙට (4 වැනිදා) භූතානයට එරෙහිව පැවැත්වෙන අතර අනිද්දා මාලදිවයිනට එරෙහිවද, 8 වැනිදා බංග්ලාදේශ 23 න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැත්වේ.

නේපාලය - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 172
(ගයනේන්ද්‍ර මල්ලා 21, දිපෙන්ද්‍ර සිං අයිරී 72, බිනෝද් බන්ඩාරී 21, පවන් සර්රාෆ් 22, කමිඳු මෙන්ඩිස් 34/2)

ශ්‍රී ලංකා 23 න් පහළ කණ්ඩායම - ඕවර 19.1 කදී කඩුලු 4 ක් දැවී 175
(පැතුම් නිස්සංක 30, නිෂාන් මධුෂංක 46, සම්මු අෂාන් නොදැවී 72, පවන් සර්රාෆ් 20/2)

 

       

 

 

 


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ නේපාලය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.