Last Update  :  2024-03-29 14:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාව රන් පදක්කම් 36 යි

ශ්‍රී ලංකාව රන් පදක්කම් 36 යි

editorial - 2019 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේදී පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ හත්වැනි දිනය (8 වැනිදා) නිමාවන විට රන් පදක්කම් 36 ක්, රිදී පදක්කම් 68 ක් සහ ලෝකඩ පදක්කම් 93 ක් සමග පදක්කම් 197 ක් දිනා සිටින ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි.

ඊයේ දිනය (7 වැනිදා) අවසානයේ රන් පදක්කම් 30 ක්, රිදී පදක්කම් 57 ක් සහ ලෝකඩ පදක්කම් 83 ක් සමග පදක්කම් 170 ක් දිනා සිටි ශ්‍රී ලංකාව අද දිනයේදී සිය පදක්කම් ගොන්නට තවත් රන් පදක්කම් 6 ක්, රිදී පදක්කම් 11 ක් සහ ලෝකඩ පදක්කම් 10 ක් එක්කර ගත්තේය.

රන් පදක්කම් 132 ක්, රිදී පදක්කම් 79 ක් සහ ලෝකඩ පදක්කම් 41 ක් සමග පදක්කම් 252 ක් දිනා සිටින ඉන්දියාව පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටින අතර සත්කාරක නේපාලය රන් පදක්කම් 45 ක්, රිදී පදක්කම් 44 ක් සහ ලෝකඩ පදක්කම් 76 ක් සමග පදක්කම් 165 ක් දිනා එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

පාකිස්තානය පදක්කම් සටහනේ සිවුවැනි ස්ථානයේ රැදී සිටින අතර රන් පදක්කම් 29 ක්, රිදී පදක්කම් 34 ක් සහ ලෝකඩ පදක්කම් 47 ක් සමග ඔවුන් දිනා සිටින මුලු පදක්කම් සංඛ්‍යාව 110 කි.


-036


අදහස් (0)

ශ්‍රී ලංකාව රන් පදක්කම් 36 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.