Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙළෙඳ සේවා හොකී සංගමයේ මුල් පුටුව කුමාර් ද සිල්වාට

වෙළෙඳ සේවා හොකී සංගමයේ මුල් පුටුව කුමාර් ද සිල්වාට

editorial - 2020 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා හොකී සංගමයේ නව සභාපතිවරයා ලෙස කුමාර් ද සිල්වා මහතා තේරී පත්විය. කොළඹ බී.ආර්.සී. ක්‍රීඩා සමාජ ශාලාවේදී පැවැති වෙළෙඳ සේවා හොකී සංගමයේ 64 වැනි මහ සභා රැස්වීමේදී කුමාර් ද සිල්වා මහතා සභාපතිවරයා ලෙසින් තේරී පත්විය.

කුමාර් ද සිල්වා මහතා වෙළෙඳ සේවා හොකී සංගමයේ සභාපතිවරයා බවට පත්වූයේ වසර 7 ක් පුරා එම සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මංජුල විජේමාන්න මහතාගේ ධූර කාලය අවසන් වීමෙන් අනතුරුවය.

බදුල්ල ධර්මධූත විදුහලේ සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ ආදි සිසුවකු වන කුමාර් ද සිල්වා මහතා, බී.ආර්.සී. හොකී කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා හොකී කණ්ඩායමේ නායකත්වයද දරා ඇත. ක්‍රීඩා කළ කණ්ඩායම් අතරින් ඔහු නායකත්වය දරා නැත්තේ ශ්‍රී ලංකා හොකී සම්මේලන සභාපතිවරායාගේ කණ්ඩායමේ පමණි.

2013 වසරේ සිට 2020 වසර දක්වා සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විජේමාන්න මහතා 2020-2021 කාල වකවානුව සඳහා එහි උප අනුශාසකවරයකු ලෙස පත් විය. ආනන්ද විදුහලේ ආදි සිසුවකු වන විජේමාන්න මහතා, ශ්‍රී ලංකා පාසල්, සී.ආර්. සහ එෆ්.සී., ආදි ආනන්දීය, සිංගර්, බ්‍රවුන්ස්, වෙළෙඳ සේවා කනිෂ්ඨ සහ වෙළෙඳ සේවා ජ්‍යෙෂ්ඨ යන කණ්ඩායම් සඳහා ක්‍රීඩා කළ අතර ශ්‍රී ලංකා ජාතික සංචිතයේද සිටි ක්‍රීඩකයෙකි.  


වෙළෙඳ සේවා හොකී සංගමයේ නිලධාරී මණ්ඩලය

අනුශාසක - බ්‍රයන් බැප්ටිස් මහතා
උප අනුශාසකවරු - රෝහිත සිල්වා, දේවා ඇල්ලෙපොල, තාරක රන්වල, රමේෂ් ෂාෆ්ටර්  සහ මංජුල විජේමාන්න යන මහත්වරු
සභාපති - කුමාර් ද සිල්වා මහතා
උප සභාපතිවරු - වී. බාලගෝපි, එම්. ජුරගන් මජීඞ්, ක්‍රිස්ටෝපර් තිසේරා සහ අජිත් ද සිල්වා යන මහත්වරු
ලේකම් - අසීෆ් බැරී මහතා
සහාකර ලේකම් - ලක්ෂ්මන්රාජ් ගනේෂ්කුමාර් මහතා
භාණ්ඩාගාරික - චන්දන වේරගම මහතා
උප භාණ්ඩාගාරික - සී.ජේ. සුදුආරච්චි මහතා
විධායක කමිටු සාමාජිකයෝ - සුමිත් ජයසේන, එම්.ජේ.එම්. ඉර්ෂාඞ්, චරිත සේනානායක, සමීර උෂාන්ත, ශම්මික මීගහපොල, ගිහාන් පීරිස්, මාර්ක් ප්‍රනාන්දු, නිපුන නිර්මාල්, සචිත් දිල්ෂාන් සහ සඛීඛ් ජලීල් යන මහත්වරු

-036


අදහස් (0)

වෙළෙඳ සේවා හොකී සංගමයේ මුල් පුටුව කුමාර් ද සිල්වාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.