Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලක්ෂාන් - දුනිත් - ජොහාන් ශා. ජෝෂප් පිල දිනවති

ලක්ෂාන් - දුනිත් - ජොහාන් ශා. ජෝෂප් පිල දිනවති

editorial - 2019 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල ශාන්ත ඇලෝෂියස් විදුහල සහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල අතර ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 32 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.

එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දක්සම් දැක්වූ ශාන්ත ජෝෂප් විදුහලේ දුනිත් වෙල්ලාලගේ ලකුණු 70 ක් රැස්කරමින් 54 කට කඩුලු 6 ක්ද දවාගත් අතර ජොහාන් ද සිල්වා ලකුණු 51 ක් රැස්කරමින් ලකුණු 17 කට කඩුලු 2 ක් දවාගත්තේය. ලක්ෂාන් ගමගේ ලකුණු 22 කට කඩුලු 4 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.


ශාන්ත ඇලෝෂියස් විදුහල් පළමු ඉනිම - ඕවර 41.3 කදී සියලු දෙනා දැවී 88
(දනුක නිකේශන නොදැවී 27, ලක්ෂාන් ගමගේ 22/4, දුනිත් වෙල්ලාලගේ 16/2, ජොහාන් ද සිල්වා 17/2)

ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 55.3 කදී කඩුලු 9 ක් දැවී 203
(දුනිත් වෙල්ලාලගේ 70, ජොහාන් ද සිල්වා 51, දිනෙත් ජයකොඩි 24, දසුන් අභිෂේක් 50/4, චාමික සඳරුවන් 19/2)

ශාන්ත ඇලෝෂියස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 38 කදී සියලු දෙනා දැවී 83
(අර්ජුන නදීෂාන් 25, කවිඳු දිල්හාර 23, මිහිරංග වික්‍රමසිංහ 18/4, දුනිත් වෙල්ලාලගේ 38/4)

-036

 


අදහස් (0)

ලක්ෂාන් - දුනිත් - ජොහාන් ශා. ජෝෂප් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.