Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජකීය ‘බී’ - හරිෂ්චන්ද්‍ර අවසන් පූර්ව තරගය හෙට

රාජකීය ‘බී’ - හරිෂ්චන්ද්‍ර අවසන් පූර්ව තරගය හෙට

ශානුක අරවින්ද - 2019 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ පළමු අවසන් පූර්ව තරගය කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම සහ මීගමුව හරිෂ්චන්ද්‍ර ජාතික පාසල අතර හෙට (15 වැනිදා) කොළඹ ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එහිදී රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායමේ නායකයා ලෙස නෙතුල් තෙන්නකෝන් කටයුතු කරන අතර හරිෂ්චන්ද්‍ර ජාතික පාසල් කණ්ඩායමේ නායකයා ලෙස මිහිෂාන් ප්‍රනාන්දු කටයුතු කරනු ඇත.

අර්ධ අවසන් පූර්ව වටයේදී කටුනේරිය ශාන්ත සෙබස්තියන් පරාජය කරමින් රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර හරිෂ්චන්ද්‍ර ජාතික පාසල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අර්ධ අවසන් පූර්ව වටයේදී මාතලේ ක්‍රිස්තු දේව විදුහල පරාජය කරමිනි.

මූලික වටයේදී සහ දෙවැනි වටයේදී කාණ්ඩ ශූරයන් බවට පත්වෙමින් පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම, අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ එහිදී මහනුවර ශාන්ත අන්තෝනි විදුහල් ‘බී’ කණ්ඩායම පරාජය කරමිනි.

හරිෂ්චන්ද්‍ර ජාතික පාසලද මූලික වටයේදී සහ දෙවැනි වටයේදී කාණ්ඩ ශූරයන් බවට පත්වූ අතර පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ ශාන්ත ජොෂප් විදුහල් ‘බී’ කණ්ඩායම පරාජය කරමින් ඔවුහු අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියහ.


රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම
නෙතුල් තෙන්නකෝන් (නායක), සෙනුල දීලන (උප නායක), කෙවන් පන්නිපිටිය, ඔමාල් දිසානායක, ඉමාෂ ජයකොඩි, විනුග ප්‍රේමවර්ධන, සෙහත් පෙරේරා, වොරන්ද සුදසිංහ, විනුක වීරකෝන්, අෂේන්ද්‍ර සිරිවර්ධන, බුධ කුමාරතුංග, නවනීදන් මනී, සසිඳු පෙරේරා, ඔසඳ ෆොන්සේකා, රෂාන් පීරිස් මහතා (පුහුණුකරු), නිසංසල මෙන්ඩිස් (සහාය පුහුණුකරු), ප්‍රගීත් ෆර්ඩිනෑන්ඩු (සහාය පුහුණුකරු), චරිත් ප්‍රනාන්දු (සහාය පුහුණුකරු), සඳරුවන් ප්‍රනාන්දු (සහාය පුහුණුකරු), එල්.එන්.ඩී.එම්. දිසානායක (ක්‍රීඩා භාර ආචාර්ය)


හරිෂ්චන්ද්‍ර ජාතික පාසල් කණ්ඩායම
මිහිෂාන් ප්‍රානාන්දු (නායක), මුදිත ලක්ෂාන් (උප නායක), උදාන සිල්වා, පවන් එදිරිසිංහ, තීක්ෂණ සිල්වා, සඳරුවන් සිල්වා, දේවින්ද දර්ශන, භානුක ආරියරත්න, සත්සර අලගල්ල, හසරංග ගුණවර්ධන, තෙෂාන් දසනායක, අවිෂ්ක රාජපක්ෂ, ප්‍රසන්ජිත් ධර්මරත්න, ආදිත්‍ය ප්‍රනාන්දු, ශෂික ද සිල්වා, බුද්ධික ප්‍රසන්න (පුහුණුකරු), අවන්ත මධුෂංක (සහාය පුහුණුකරු), ඉන්දික සවිත්‍ර (ක්‍රීඩා භාර ආචාර්ය)

 


අදහස් (0)

රාජකීය ‘බී’ - හරිෂ්චන්ද්‍ර අවසන් පූර්ව තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.