Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ ලයන්ස් ජල ක්‍රීඩා සමාජයේ සංවිධානයෙන් අම්බලන්ගොඩ මාදම්පා ගගේදී පසුගිය සෙනසුරාදා පැවැති කිලෝමීටර 40 පිහිනුම් තරගයේ පිරිමි ශූරතාව රෂේන් ඩිල්ෂාන් සහ කාන්තා ශූරතාව හිරුනි මහේෂිකා දිනාගැනීමට සමත් වූහ.
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ පාලක හා තාක්‍ෂණ නිලධාරී කමිටු සභාපති නිහාල් බමුණුආරච්චි මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලේ අධීක්‍ෂණයෙන් මෙම තරගය පැවැත්විණි.
ශ්‍රී ලංකා පිහිනුම් ඉතිහාසයේ කිලෝමීටර් 40 ක තරගයක් පැවැති පළමු අවස්ථාව මෙය බව ද ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය පවසයි. මෙම තරගයට එම ක්‍රීඩා සමාජයේම ක්‍රීඩකයන් 10 ක් සහ ක්‍රීඩිකාවෝ දෙදෙනෙක් සහභාගි වූහ.
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ශිෂ්‍යයකු වන රෂේන් පැය 11 යි විනාඩි 2 යි තත්පර 40 කින් කිලෝමීටර 40 සම්පූර්ණ කිරීමට සමත් වීම කැපී පෙනුණි.
සත්‍යජිත් කුමාර පැය 11 යි විනාඩි 15 යි තත්පර 50 කින් කිලෝමීටර 38 ක් ද, නිරෝද් තීක්‍ෂණ පැය 11 යි විනාඩි 3 යි තත්පර 36 කින් කිලෝමීටර 36 ක් ද, පිහිනීමට සමත් වූහ.
අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහලේ ශිෂ්‍යාවක් වන හිරුනි මහේෂිකා පැය 9 යි විනාඩි 58 යි තත්පර 4 කින් කිලෝමීටර 32 ක් පිහිනීමට සමත් වූවාය.
මෙම තරගයට සහභාගි වූ අනෙක් ක්‍රීඩිකාව වන හිරුනි කෞෂල්‍යා, පැය 11 යි විනාඩි 21 යි තත්පර 2 කින් කිලෝමීටර 32 ක් පිහිනුවාය.
අම්බලන්ගොඩ ලයන්ස් ජල ක්‍රීඩා සමාජයේ නිර්මාතෘ සහ සභාපති ප්‍රවීණ පිහිනුම් උපදේශක චතුක දුලාංජන ද සිල්වා මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.