Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රග්බි ක්‍රීඩකයන් තිදෙනකුට තහංචි

රග්බි ක්‍රීඩකයන් තිදෙනකුට තහංචි

යොහාන් භාසුර - 2020 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ සිවුවැනි සතියේ තරගවලින් පසුව ක්‍රීඩකයන් තිදෙනකුට තරගය බැගින් තහනම් කිරීමට ශ්‍රී ලංකා රග්බි විනය කමිටුව පියවර ගෙන තිබේ.

සී. ආර්. පිලේ ශාරු ප්‍රනාන්දු, යුද හමුදා පිලේ සුදාරක දික්කුඹුර සහ මහනුවර පිලේ ජේසන් දිසානායක යන ක්‍රීඩකයෝ මෙසේ තරගය බැගින් තහනමට යටත් වූහ.

ශාරු ප්‍රනාන්දුට රතු කාඩ්පත් අවවාදයක් ද, සුදාරක සහ ජේසන් කහ කාඩ්පත් අවවාද තුන බැගින් ද, ලබා සිටිති. සී. එච්. පිලේ සත්‍යා රණතුංගට කහ කාඩ්පත් අවවාදයක් වෙනුවෙන් අවවාද කර නිදහස් කිරීමට ශ්‍රී ලංකා රග්බි විනය කමිටුව තීරණය කර තිබේ.
 


අදහස් (0)

රග්බි ක්‍රීඩකයන් තිදෙනකුට තහංචි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.