Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යාපනය විශ්ව විද්‍යාලයට කෝටි 20 ක ගෘහස්ථ ක්‍රීඩාංගණයක්

යාපනය විශ්ව විද්‍යාලයට කෝටි 20 ක ගෘහස්ථ ක්‍රීඩාංගණයක්

editorial - 2020 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)

විශ්ව විද්‍යාලය ක්‍රීඩා ක්ෂේත්‍රයට නව එළියක් ගෙන දෙමින් රුපියල් මිලියන 208 වැය කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ ඉදිකළ ගෘහස්ථ ක්‍රීඩාංගණය පසුගියදා සිසු අයිතියට පත්කෙරිණ.

එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ශ්‍රී සන්තුෂ් රාජ් මහතාගේ සහ එහි හිටපු උපකුලපතිවරියක් වන වී. අර්ශරත්නම් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේදී ගෘහස්ථ ක්‍රීඩාංගණය විවෘත විය.

මෙම ක්‍රීඩාංගණයේ බැඞ්මින්ටන්, වොලිබෝල්, දැල්පන්දු සහ පැසිපන්දු ඇතුළු ගෘහස්ථ ක්‍රීඩා රැසක් පැවැත්වීමට පහසුකම් තිබේ. ඊට අමතරව ප්‍රේක්‍ෂකයින් 1000 කට එකවර අසුන්ගත හැකි ප්‍රේක්‍ෂකාගාරයක්, විශේෂ අමුත්තන් සඳහා පහසුකම්, කාර්යාල  සහ ආපනයශාලා ඇතුළු පහසුකම් රැසකින් ද මෙම ක්‍රීඩාංගණය සමන්විත වේ.  


අදහස් (0)

යාපනය විශ්ව විද්‍යාලයට කෝටි 20 ක ගෘහස්ථ ක්‍රීඩාංගණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.