 අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මාරවිල ශාන්ත සේවියර් විදුහල සහ යාපනය මැදි විදුහල අතර වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ 348 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට යාපනය මැදි විදුහල සමත් විය.

එහිදී යාපනය මැදි විදුහලේ ඒ. නිතුසාන් (123) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම ටී. විතුෂාන් ලකුණු 27 කට කඩුලු 8 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
ශාන්ත සේවියර් විදුහල් පළමු ඉනිම - ඕවර 22.2 කදී සියලු දෙනා දැවී 32
(වී. වියස්කාන්ත් 04/4, ටී. විතුෂාන් 11/3, එන්. තිවගරන් 10/2)
යාපනය මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 422
(ඒ. නිතුසාන් 123, වී. වියස්කාන්ත් 54, කේ. ඉයලරෂාන් 45, රොෂේන් සවිදු 133/5, ආකාෂ් පෙරේරා 91/4)
ශාන්ත සේවියර් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 24.4 කදී සියලු දෙනා දැවී 42
(ටී. විතුෂාන් 16/5, වී. වියස්කාන්ත් 11/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.