Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බොක්සිං ක්‍රීඩක රමේෂ්ගෙන් රන් පදක්කමක්

බොක්සිං ක්‍රීඩක රමේෂ්ගෙන් රන් පදක්කමක්

editorial - 2019 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් දිනයේදී (10 වැනිදා) බොක්සිං ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට රමේෂ් සඳකැළුම් සමත් විය.

ලයිට් හෙවි (කිලෝ ග්‍රෑම් 81) බර පංතිය යටතේ තරග වැදුණ රමේෂ්, එහි අවසන් මහ තරගයේදී නේපාලයේ ගනේෂ් ප්‍රධාන් පරාජය කරමින් එම රන් පදක්කමට හිමිකම් කීවේය.

අවසන් පූර්ව වටයේදී ඉන්දියාවේ සචින් කුමාර් පරාජය කරමින් ගනේෂ් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර රමේෂ් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ පාකිස්තානයේ උවයිස් අලී ඛාන් පරාජය කරමිනි.

මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී බොක්සිං ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට හිමිවූ එකම රන් පදක්කම මෙය වන අතර ඊට අමතරව රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 8 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

-036


අදහස් (0)

බොක්සිං ක්‍රීඩක රමේෂ්ගෙන් රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.