Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
මේ වන විට අන්දමන් දූපත් වල රඳවාගෙන සිටිනු ලබන, මලල ක්‍රීඩිකා පාරමී වසන්තිගේ පියා නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මැදිහත් වන්න’යි ජාතික ඔලිම්පික් කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටී.
වසර 2018 දී බුවනෝර්ස් අයර්ස් නගරයේදී පැවැති යොවුන් ඔලිම්පික් උළෙලේදී මීටර 2000 බාධක දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් පාරමි වසන්ති මාරිස්ටෙලාගේ පියා ධීවරයෙකි. බහුදින යාත්‍රාවකින් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය පාරමීගේ පියා වන ඇන්තනි තියඩෝර් ප්‍රනාන්දු මහතා, මුහුදු සීමා උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය වෙරළාක්‍ෂක හමුදාවන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණ. ඔහුව පසුගිය ජනවාරි මාසයේ සිටම අන්දමන් දූපත් සමූහයේ රඳවාගෙන සිටී.
පාරමී වසන්ති ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් ගෙන දිය හැකි ක්‍රීඩිකාවක වන බැවින්ද, ඇයගේ පවුලේ එකම ආදායම් උපයන්නා ඇයගේ පියා වන බැවින්ද, ඇයගේ පියාගේ නිදහස් වීම පාරමීගේ ඉදිරිගමනට මහත් රුකුලක් වන බවත් ජාතික ඔලිම්පික් කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දන්වා යවා තිබේ. එබැවින් පාරමීගේ අනාගතය පිළිබඳව අවධානය යොමු කරමින් තියඩෝර් ප්‍රනාන්දු මහතා නිදහස් කරගැනීම සඳහා මැදිහත් වන්න’යි ජාතික ඔලිම්පික් කමිටුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.