
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තාක්ෂණික කමිටුවේ සහයෝගයෙන් රත්නපුරය පාපන්දු ලීගය සංවිධානය කරන ‘ඩී.‘ කාණ්ඩයේ බලපත්‍රලාභී පාපන්දු පුහුණුකරුවන් සඳහා වන පාඨමාලාව මෙම 23-24-25 යන දිනවල රත්නපුරය සීවලී ක්‍රීඩාංගනයේදී හා පැරණි සීවලී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම පාඨමාලාව සඳහා අයැදුම්කරුවන් 30 දෙනකු සහභාගීවන අතර ඒ පිළිබඳව වැඩි තොරතුරු රත්නපුරය පාපන්දු ලීගය ලේකම් කේ. අනුරරත්න මහතා ඇමතීමෙන් (දුරකථන අංක 0718139963) ලබා ගත හැකිය.
රත්නපුරය පාපන්දු ලීගයේ සභාපති කංචන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පාපන්දු පුහුණුකරු පාඨමාලාව සංවිධානය කෙරේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.