Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාලන්දා මැදි විදුහලට කඩුලු 9 ක ජයක්

නාලන්දා මැදි විදුහලට කඩුලු 9 ක ජයක්

editorial - 2020 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මතුගම ශාන්ත මරියා විදුහල සහ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල අතර ශාන්ත මරියා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 9 ක ජයක් අත්කර ගැනීමට නාලන්දා මැදි විදුහල සමත් විය.

එහිදී නාලන්දා මැදි විදුහලේ සලිඳු මල්මින (90) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම මහිඳු මලිත් 50 කට කඩුලු 6 ක්ද, නඳුන් කල්හාර ලකුණු 49 කට කඩුලු 5 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 45 කදී සියලු දෙනා දැවී 132
(ඔවින් ජනිත 67, චාරුක ජනිත් 17/3, මහිඳු මලිත් 18/3, කවිදු මඳුරංග 00/2, කවිෂ්ක ලක්ෂාන් 20/2)

නාලන්දා මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 56.1 කදී සියලු දෙනා දැවී 220
(සලිඳු මල්මින 90, සචිරු හංසන 31, දසුන් ෆොන්සේකා 26, හර්ෂ සදරුවන් 98/5, හේෂාන් තරිඳු 55/3)

ශාන්ත මරියා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 39.1 කදී සියලු දෙනා දැවී 162
(හේෂාන් තරින්ද 46, හිමාෂ මදුභාෂ 40, රන්දේව් සෙනවිරත්න 34, නඳුන් කල්හාර 49/5, මහිඳු මලිත් 32/3, කවිෂ්ක ලක්ෂාන් 26/2)

නාලන්දා මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 15.2 කදී එක් කඩුල්ලක් දැවී 75
(මහිඳු මලිත් නොදැවී 42)


-036

 


අදහස් (0)

නාලන්දා මැදි විදුහලට කඩුලු 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.