Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිලුම් එස්.එස්.සී. පිල දිනවයි

දිලුම් එස්.එස්.සී. පිල දිනවයි

රොෂාන් ගුණරත්න - 2021 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිලුම් තිලකරත්නගේ (27/5) විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට එස්.එස්.සී පිල සමත්විය. එන්.සී.සී ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී බදුරලිය පිල කඩුලු 10 කින් පරාජය කරමින් එස්.එස්.සී ක්‍රීඩකයෝ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්හ.

කාසියේ වාසිය දිනාගත් එස්.එස්.සී පිල පළමුව පන්දුවට පහරදීම සඳහා බදුරලිය පිලට ආරාධනා කළ අතර ඕවර 34 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 93 ක් පමණි. ලකුණු 47 කට බදුරලිය පිලේ කඩුලු 7 ක් දැවී තිබියදී 8 වැනි කඩුල්ල සඳහා ලකුණු 35 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට මිතිර තෙනුර සහ තමිඳු වික්‍රමාරච්චි සමත්වූ අතර ඔවුන් දෙදෙනාම ලකුණු 22 බැගින් ලබාගත්හ.

දිලුම් තිලකරත්න ඕවර 8 ක් යවමින් එක් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 27 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. චමිඳු වික්‍රමසිංහ ලකුණු 7 කට කඩුලු 2 ක් ද කළණ පෙරේරා සහ හිමේෂ් රාමනායක කඩුල්ල බැගින්ද දවාගනිමින් බදුරලිය පිල අඩු ලකුණූ සංඛ්‍යාවකට සීමා කිරීමට දායක වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 94 ක් සොයා ගිය එස්.එස්.සී පිල ඕවර 18 කදී කිසිවකු නොදැවී ඉලක්කය පහසුවෙන් පහසුවෙන්ම පසුකර ගියේය.

හතරේ පහරක් සමගින් එස්.එස්.සී පිලේ ජයග්‍රහණය තහවුරු කළ නිපුන් ධනංජය සිය අර්ධ ශතකයද සම්පූර්ණ කරගැනීමට සමත්විය. පන්දු 52 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 50 ක් ලබාගැනීමට නිපුන් ධනංජය සමත්වූ අතර සොහාන් ද ලිවේරා පන්දු 56 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 37 ක් රැස්කරමින් එස්.එස්.සී පිලේ ජයග්‍රහණයට දායක විය.

ලන්කන් පිල සමගින් අවසන් මහා තරගය ඉරිදා (28 වැනිදා) එස්.එස්.සී ක්‍රිඩාංගණයේදී පැවැත්වේ.

බදුරලිය - ඕවර 34 කදී සියලුදෙනා දැවී 93
(මිතිර තෙනුර 22, තමිඳු වික්‍රමාරච්චි 22, දිලුම් තිලකරත්න 27/5, චමිඳු වික්‍රමසිංහ 7/2)

එස්.එස්.සී. - ඕවර 18 කදී කිසිවකු නොදැවී 95
(නිපුන් ධනංජය නොදැවී 50, සොහාන් ද ලිවේරා නොදැවී 37)

 


අදහස් (0)

දිලුම් එස්.එස්.සී. පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.