Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තර්ස්ටන් විදුහල පළමු ඉනිම ජයගනී

තර්ස්ටන් විදුහල පළමු ඉනිම ජයගනී

editorial - 2019 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර ඩී.එස්. සේනානායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල සමත් විය.
 
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ තර්ස්ටන් විදුහලේ යොවුන් ශිල්ප ලකුණු 14 කට කඩුලු 4 ක්ද, ලිතික සුදසිංහ ලකුණු 29 කට කඩුලු 3 ක්ද දවාගනිමින් ඩී.එස්. සේනානායක විදුහල් පළමු ඉනිම සුනුවිසුණු කර දැමූහ.

 
ඩී.එස්. සේනානායක විදුහල් පළමු ඉනිම - ඕවර 44.4 කදී සියලු දෙනා දැවී 105
(ඒ. චනුල් 28, යොවුන් ශිල්ප 14/4, ලිතික සුදසිංහ 29/3)

තර්ස්ටන් විදුහල් පළමු ඉනිම - ඕවර 48.3 කදී කඩුලු 8 ක් දැවී 106
(පන්සිළු විතානගේ 18, අදීෂ උඩවත්ත 18, දිලාෂ් කුමාරනායක 15/2, පී. වර්ෂන් 21/2)

ඩී.එස්. සේනානායක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 8.2 කදී කඩුලු 3 ක් දැවී 39
(සතිස්ක ප්‍රනාන්දු 30)


-036

 


අදහස් (0)

තර්ස්ටන් විදුහල පළමු ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.