Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ටයිකෝන්ඩෝ කණ්ඩායමෙන් පදක්කම් 27 ක්

ටයිකෝන්ඩෝ කණ්ඩායමෙන් පදක්කම් 27 ක්

editorial - 2019 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේදී පැවැති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ කණ්ඩායම පදක්කම් 27 ක් දිනාගැනීමට සමත් විය. එම පදක්කම් අතරට රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 7 ක්, ලෝකඩ පදක්කම් 16 ක් ඇතුළත් විය.

ටයිකොන්ඩෝ කණ්ඩායම පසුගිය ඉරිදා දිවයිනට පැමිණි අවස්ථාවේදී පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය කටයුතු යොදා තිබිණ. ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය වෙනුවෙන් එහි සභාපති කංචන ජයරත්න මහතා, ලේකම් චමින්ද පුංචිහේවා මහතා ඇතුලු ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් ක්‍රීඩා ඉසව්වක් සදහා ක්‍රීඩකයින් 29 ක් සහභාගි වී ඉන් 27 ක් පදක්කම් දිනාගත් ප්‍රථම අවස්ථාව ලෙසද මෙය හැදින්විය හැකිය. පිරිමි සහ කාන්තා කේවල, යුගල සහ කණ්ඩායම් යන අංශවලදී ෆින්, ෆ්ලයි, ෆෙදර්, ලයිට්, වෙල්ටර්, හෙවි, මිඞ්ල් සහ බැන්ටම් යන බර පංති යටතේ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පදක්කම් 27 ක් දිනාගත්හ.

පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව අදහස් දැක් වූ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතා මෙසේ පැවසීය.

 “ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ කණ්ඩායම අද ජාත්‍යන්තර තලයට පත්වෙලා රටට විශාල කීර්තියක් ලබාදෙමින් මව්බිමට පැමිණි මේ අවස්ථාවේ අපි ඉතා සන්තෝසයට පත් වෙනවා. ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය හැටියට අපේ ගෞරවනීය ස්තූතිය සහ සුබ පැතුම් එක් කරනවා”

“පසුගිය කාලයේ අවම පහසුකම් යටතේ පුහුණුවීම් කටයුතු කරන්න සිදු වුණත් ක්‍රීඩා අමාත්‍යාංශයත්, ඔලිම්පික් කමිටුවත්, කොරියානු තානාපති තුමා, අපේ ප්‍රධාන පුහුණුකරු කොරියාවේ කිසූලි මහතා අපට විශාල සහයෝගයක් ලබාදුන්නා” යයි කී ජයරත්න මහතා...

“අපි මාස 5 ක කාලයක් පුහුණුවීම් කටයුතු කළා. එහි ප්‍රතිඵල අද අපිට ලබාගන්න හැකි වුණා. දකුණු ආසියාතික රටවලින් වැඩිම ටයිකොන්ඩෝ පදක්කම් අපට දිනා ගැනීමට හැකි වුණා” යයිද පැවසීය.

-036


අදහස් (0)

ටයිකෝන්ඩෝ කණ්ඩායමෙන් පදක්කම් 27 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.