Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික පාපන්දු සංචිතයට අලුත් මුහුණු

ජාතික පාපන්දු සංචිතයට අලුත් මුහුණු

නාමල් පතිරගේ - 2020 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේවාසික පුහුණුවීම් අත්හිටුවා තිබෙන ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම් වෙනස් මුහුණුවරකින් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තාක්ෂණික කමිටුවේ සභාපති රෝහිත ප්‍රනාන්දු මහතා පවසයි.  හදිසි තත්ත්වය පහව යාමෙන් පසුව නැවත ආරම්භ කෙරෙන ජාතික පාපන්දු පුහුණු සංචිතය සඳහා නවක ක්‍රීඩකයන් ද කැඳවීමට බලාපොරොත්තු වන බවද  ඔහු පැවසුවේය.

අගෝස්තු මාසයේදී නිමාවට පත්වූ සභාපති කුසලාන පාපන්දු තරගාවලියෙන් නිර්දේශ කළ ක්‍රීඩකයන් නව දෙනෙකුද ඊට කැඳවීම් ලබා තිබේ. රෝහිත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාපන්දු සම්මේලනයේ තාක්ෂණ කමිටුවට ජාතික පාපන්දු පුහුණුකරු අමීර් ඇලජික් හිටපු පාපන්දු පුහුණුකරුවන්  වන ඩඩ්ලි ස්ටෙන්වෝල්, සම්පත් පෙරේරා, යොවුන් පුහුණු කටයුතු අධ්‍යක්ෂ චමින්ද ස්ටෙන්වෝල් හා ගාමිණි මදුරාවල යන මහත්වරු අතුළත් වෙති.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජාතික පාපන්දු සංචිතයේ නේවාසික  පුහුණුවීම්වලට අවස්ථා කීපයකදීම බාධා එල්ලවිය. කෝට්ටේ‘බැද්දගාන’ ජාතික පාපන්දු සංවර්ධන මධ්‍යස්ථනයේදී ජාතික පාපන්දු සංචිතයේ නේවාසික පුහුණුවීම් පවත්වා ගෙන ගියද මේ මස මුලදී කොරෝනා වයිරසය ව්‍යාප්ත වන විට ක්‍රීඩකයන් විවේක ගන්වා තිබිණ.

නවතම අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව තවදුරටත් 206 වැනි ස්ථානයේ පසුවේ.  මීට වසරකට ඉහතදී ශ්‍රී ලංකාව 205 වැනි ස්ථානයේ සිටින විට ශ්‍රී ලංකාවේ නිත්‍ය පාපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළේ රූමි පකීර් අලි මහතාය.  ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගි වූ ජාත්‍යන්තර පාපන්දු තරගයේදී බංගලාදේශයට ගෝල 3-0කින් පරාජය වී තිබේ.

ජාතික පාපන්දු සංචිතයේ නේවාසික පුහුණුවීම ආරම්භ කිරීමෙන් පසුව වයස 23 න් පහළ සංචිතයක්ද තවදුරටත් පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අපේක්ෂා කරයි. ජාතික සංචිතයේ ඉදිරි නේවාසික පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකාවේ ආරාධනා ලැබූ යුරෝපයේ දැනට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිප දෙනෙකුද සහභාගිවීමට සුදානම්ව සිටින බව පාපන්දු සම්මේලනය පවසයි.

මේ අතර තාක්ෂණික කමිටුව සකස් කළ අළුත්ම සැලැස්මකට අනුව ශ්‍රී ලංකාවේ නේවාසික විදේශීය පුහුණුකරු සඳහා ඉදිරි වසර තුනකින් ක්‍රියාත්මක වන සංවර්ධන සැලැස්මක් හඳුන්වා දේ.

එහිදී ඔහුට තාක්ෂණික කමිටුව ලබාදෙන ඉලක්කය  වන්නේ 2024 ට  නියමිත දකුණු ආසියානු පාපන්දු ශූරතා තරග මාලාවේදී ශ්‍රී ලංකා කණ්ඩයම අවම අවසන් පූර්ව වටය දක්වා රැගෙන ඒමය. අමීර් ඇලජික් මහතාගේ සේවය ශ්‍රී ලංකාවට පළමුව ඉදිරි වසර දෙකක් සඳහා ලැබේ.


අදහස් (0)

ජාතික පාපන්දු සංචිතයට අලුත් මුහුණු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.