Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික කනිෂ්ඨ ටෙනිස් අවසන් තරග අද

ජාතික කනිෂ්ඨ ටෙනිස් අවසන් තරග අද

ශානුක අරවින්ද - 2021 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය 105 වැනි කරන 2020 ජාතික ටෙනිස් ශූරතාවලියේ වයස 18 න් පහළ කේවල අවසන් මහ තරග අද (26 වැනිදා) පස්වරු 3.00 සිට ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහිදී බාලක අවසන් තරගයේදී චාතූර්ය නිලවීරට එරෙහිව ලූකා නීස්ද, බාලිකා අවසන් තරගයේදී සවිනි ජයසූරියට එරෙහිව ඔනෙලි පෙරේරාද තරග බිමට පිවිසෙති.

වයස 18 න් පහළ බාලක අවසන් පූර්ව තරග ඊයේ පැවැත්විණ. පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (7/6, 6/2) ටෙහාන් විජේමාන්න පරාජය කරමින් චාතූර්ය නිලවීර මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. ලූකා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (7/6, 6/1) කේ. වයිරවනාදන් පරාජය කරමිනි.

වයස 18 න් පහළ බාලිකා අවසන් පූර්ව තරගද ඊයේ පැවැත්විණ. එහිදී වට 2-0 ක් ලෙස (6/2, 6/0) දෙව්මිනී වර්ණසූරිය පරාජය කරමින් සවිනි ජයසූරිය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තාය. වට 2-0 ක් ලෙස (6/2, 6/1) සෙත්මි සුමනවීර පරාජය කරමින් ඔනෙලි පෙරේරා අවසන් මහ තරගයේ ස්ථාන වෙන්කරවා ගත්හ.

 


අදහස් (0)

ජාතික කනිෂ්ඨ ටෙනිස් අවසන් තරග අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.